අපේ රත්තරං අස්සයෝ හෙව්වට පුත්තලං බූරුවෙක්වත් අහුවුණේ නැහැ

  👤  4142 readers have read this article !
By mawbima 2017-08-11

දකුණේ හෝ උතුරේ ජනතාව බහුතරයක් 2015 ජනවාරි 08 වැනිදා රටේ වෙනසක් බලාපොරොත්තු වුණා. ඒ අනුව එම වෙනස කරලා මාස 06ක් ගත වෙද්දී අපිට අහන්න සිද්ධ වුණා වෙනස සැපයිද කියලා. ඡන්දෙ දීපු අයම ඇවිත් කියනවා වෙනස මාරයි නේද කියලා. එදා බොරු කන්දරාවක් ගහලා බලයට ආපු ආණ්ඩුව රට විනාශයට ගෙන ගියා. රන්ජන් රාමනායක එයාගේ ෆේස් බුක් එකේ කියනවා 'අපිට සමාවෙන්න කියලා' පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා මේ අදහස් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජා-ඇල ආසනයේ රැස්වීමකදීය, මන්ත්‍රිවරයා මෙසේද කීය.

ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරනවා කිව්වා තාම අවුරුදු 08කින් පළාත් පාලන මැතිවරණයක් නෑ. නමුත් ජාත්‍යන්තරයට කියනවා සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා කියලා. ප්‍රජාතන්ත්‍රවාදය බිඳ දමලා මේ වනවිට රටේ ඒකාධිපති පාලනයක් ගෙන යනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාට ඒකාධිපතියෙක් කිව්වා. එහෙම කියන්න හේතුව එතුමා එල්.ටී.ටී.ඊ. පාලනය අහෝසි කිරීමයි. දැන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්තයා කියනවා 113ක් පාර්ලිමේන්තුවේ ගත්තත් පාලනය දෙන්නේ නෑලු. දැන් පේනවාද කවුද ඒකාධිපති පාලනය ගෙන යන්නේ කියලා.

දැන් අපේ මල්ලිගෙන් පටන් ගත්ත නඩුව මට ඇවිල්ලා. මගෙන් අම්මාට ඇවිල්ලා තියෙනවා. ලැජ්ජ නැති පාපතර ආණ්ඩුවක්. දැන් බැඳුම්කරය බලන්න. රවි කරුණානායක ජාතික රූපවාහිනියට ඇවිත් කියනවා රාජපක්ෂලා හොරු කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ. අපිට මඩ ගහලා, නාමල්ගේ මාලිගායි හෙව්වේ. රත්තරං අස්සයො හෙව්වා. නමුත් අපේ ගෙදර ඉඳලා පුත්තලං බූරුවෙක්වත් අහුවුණේ නෑ. රවි කරුණානායක දැන් එයාගේ දේවල්වලට කියන්නේ මම දන්නේ නෑ කියලා. එයා දැන් ගෙදර මිනිස්සු පාවලා දෙනවා. රවි කරුණානායකට දඬුවම් දෙන්න ඕනේ. නමුත් මතක තියාගන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාවයි මහ බැංකුව තිබුණේ.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන
හෙට ඡන්දයක් තිබ්බොත් ‍ෙදාස්තරලා 100%ක් ඡන්දය දෙන්නේ මහින්ද මහත්තයාට. ජේ. ආර්.ට, ප්‍රේමදාසට, චන්ද්‍රිකාට නතර කරන්න බැරි වෙච්ච උතුරේ ත්‍රස්තවාදය නැති කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමයි. ඒකයි මිනිස්සු තාමත් මහින්ද රාජපක්ෂට දෙවියෙක් කියලා කියන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා
රවි කරුණානායකගේ දුව ෆේස්බුක් එකේ කියනවා මගේ තාත්තා විතරද එහෙම කරන්නේ මේකෙ අනිත් උන් නැද්ද කියලා. දුව පිළිගන්නවා තවත් හොරු ඉන්නවා කියලා. අපිත් ඒකමයි කියන්නේ. දින 100දී තමයි මේ හොරකම සිද්ධ වුණේ. ඒ හොරකම් කරපු සල්ලි තමයි පසුගිය මැතිවරණ වෙලාවේදී එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුන්ට බෙදුවේ.

ඒකල _ ප්‍රසංග පාවුළුහේවා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon