බුත්තල යපස් නිධියේ කැණීම් ප්‍රදේශවාසීන්ගේ විරෝධය හමුවේ නවතී

  👤  3861 readers have read this article !
By mawbima 2017-08-11

උපතිස්ස පෙරේරා

මෑත කාලයේදී අනාවරණය කරගන්නා ලද ආසියාවේ විශාලම යපස් නිධිය ලෙස සැලකෙන මොනරාගල, බුත්තල යපස් නිධිය කිසිදු විධිමත් සැලැස්මකින් තොරව අනවසරයෙන් කැණීම් කිරීමට කිසියම් පිරිසක් දරන ලද උත්සාහය ප්‍රදේශවාසීන්ගේ බලවත් විරෝධතාව හමුවේ වැළකී ගොස් ඇත.
බුත්තල යපස් නිධිය වර්ග සැතපුම් 64ක වපසරිය පුරා පැතිර ඇති බවත් මෙට්රික් ටොන් මිලියන 9ක පමණ යපස් තොගයක් එහි තැන්පත්ව ඇති බවත් භූ විද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කරයි.

දකුණේ ප්‍රබල දේශපාලනඥයකුගේ ආශීර්වාදය ඇතිව බිලියන ගණනක් වටිනා මෙම යපස් නිධිය කොල්ලකෑමට ඉඩ නොදී රජය මැදිහත්වී එම ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික හා සමාජයීය සුබ සාධනය සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්