වෛද්‍ය පීඨ සිසුහු-මාපියෝ දින පහක සත්‍යග්‍රහයක

  👤  3838 readers have read this article !
By mawbima 2017-08-11

සවනි ශේශාධි

සයිටම් අහෝසි කරන ලෙස බල කරමින් ඊයේ (10දා) වෛද්‍ය පීඨ ශිෂ්‍ය මාපිය සංගමය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඒකාබද්ධව දිස්ත්‍රික්ක 12ක් ආවරණය වන පරිදි සෑම දිස්ත්‍රික්කයකටම දෙක බැගින් වූ විරෝධතා අට්ටාල ඉදිකොට දින පහක සත්‍යග්‍රහයක් ආරම්භ කෙරිණි. ඊයේ (10දා) සවස වෛද්‍ය පීඨ සිසුන් සහ මාපියන් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට ඉදිකළ තාවකාලික අට්ටාලයක සිය විරෝධතාව ඇරඹූහ. ලබන 15දා
කොළඹදී පැවැත්වෙන සයිටම් විරෝධී රැලියට සමගාමීව මේ විරෝධතා අට්ටාල ඉදිකොට තිබේ.

ඡායා : ලක්සිරි රුක්මන්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්