රැඳවියකු රෝහලේ වැසිකිළිය සිදුරු කර පලා ගිහින්

  👤  3845 readers have read this article !
By mawbima 2017-08-11

කුමුදු උපුල් ශාන්ත

කිසියම් අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ 20 වැනි වාට්ටුවට ඇතුළත් කර සිටි රැඳවියකු එම රෝහලේ වැසිකිළියක් සිදුරු කර පලාගොස් ඇති බව වාර්තා වෙයි.

එසේ පලාගොස් ඇත්තේ ව්‍යාජ ලේඛන සකස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු වන වාරියපොළ ප්‍රදේශයේ පදිංචි ප්‍රියන්ත ජයමහ නමැත්තෙකි. විලංගු දමා ප්‍රතිකාර ලබමින් සිටි එම රැඳවියා තමන්ට ශාරීරික අවශ්‍යතාවක් ඇති බවට ඔහුගේ ආරක්ෂාව භාරව සිටි නිලධාරියාට පවසා වැසිකිළියට ගොස් ඇති බවත් එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඇති රැඳවියා වැසිකිළියේ ගල් ගලවා සිදුරක් සාදාගෙන එහි බටයක් උපයෝගි කරගෙන පලාගොස් ඇති බව අනාවරණය වෙයි.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතාගෙන් විමසීමේදී කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්