විජාතික වුවමනාවන් සඳහා මිස ජාතික අවශ්‍යතා ඉටුකරන්න නොවේ

  👤  4039 readers have read this article !
By mawbima 2017-08-11

අනුෂා රාජපක්ෂ

නව වෙළෙඳ ප්‍රතිපත්තිය විජාතික වුවමනාවන් ඉෂ්ට කරගන්න හදපු ප්‍රතිපත්තියක් මිස ජාතික වුවමනාවන් ඉෂ්ට කරන්න හැදූ ප්‍රතිපත්තියක් නොවන බවත් මේ ප්‍රතිපත්ති සෑදීමේදී කළ වංචාවන්හි අහිතකර ප්‍රතිඵල ප්‍රබල ලෙස රටේ ආර්ථිකයට බලපාන බවත් වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර මහතා පවසයි.
ඒ මහතා එසේ ප්‍රකාශ කළේ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය විසින් ප්‍රතිපත්ති වංචාවක
නියැළීම පිළිබඳ ඉකුත්දා (9දා) වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ සංවිධානය කළ මාධ්‍ය හමුවක් අමතමිනි.

2017 පෙබරවාරි 22, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සම්පාදනය සඳහා වූ මහජන
කොමිෂන් සභාව පිහිටුවූ බවත් 2017 අප්‍රේල් 06 වාචික අදහස් විමසීමකුත්, ජුනි මාසයේ මහජන අදහස් විමසීමකුත් සිදු වූ බවත් ඒ සියලු කරුණු සැලකිල්ලට ගෙන ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය මහාචාර්ය ලක්ෂ්මන් කොමිසම විසින් සකස් කළ නමුත් වෙළෙඳ ප්‍රතිපත්තියක් අවශ්‍ය නැහැ කියූ ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශය නවසීලන්ත ජාතිකයකුගේ සහායෙන් වංචා සහගත ලෙස නව වෙළෙඳ ප්‍රතිපත්තිය සකස් කළ බවත් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවත් පැවැසීය.

විජාතික වුවමනාවන් ඉටු කරගැනීමට සකස් කළ මේ නව වෙළෙඳ ප්‍රතිපත්තිය රටේ ආර්ථිකයට ප්‍රබල බලපෑමක් සිදුකරන බවද පැවැසීය. එසේම මේ විජාතික බලවේගයන්ගෙන් රටත්, රටේ ආර්ථිකයත් මුදාගන්නා ලෙස විෂයභාර ඇමැතිතුමා ඇතුළු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්