පළාත් සභා ඡන්දය ගැන කතා කරන්න ළඟදීම මහ ඇමැති සමුළුවක්

  👤  3839 readers have read this article !
By mawbima 2017-08-11

ලක්‍ෂ්මී ජයකොඩි

පළාත් සභා මැතිවරණ නියමිත දිනට පැවැත්විය යුතු බවත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නුදුරේදීම මහ ඇමැති සමුළුවක් කැඳවීමට තීරණය කොට ඇති බවත් මධ්‍යම පළත් මහ ඇමැති සරත් ඒකනායක මහතා "මව්බිම"ට පැවැසීය.

පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්වීම ඉතා යහපත් තීරණයක් බව ද 1988 සිට පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්වූ බව සඳහන් කළ අමාත්‍යවරයා එය විවිධ ගැටලු මත 1999 වසරේ සිට කඩින් කඩ මැතිවරණ පැවැත්වුණු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් පළාත් සභා නිල කාලය අවසන් වූ පළාත් සභා ආණ්ඩුකාරවරුන් යටතට පත් කිරීම මඟින් දේශපාලන වගවීම ගිලිහෙන බව පෙන්වා දුන් ඒ මහතා එය රජයේ නිලධාරීන්ගේ වරදක් නොවන බවද කීය.

කෙසේ වෙතත් පසුගියදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පළාත් පාලන සහ පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා පැවැසුවේ සියලු පළාත් සභාවල ඡන්දය එකම දිනයක පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවට ගෙන එන පළාත් සභා ඡන්දය කල් තැබීම සඳහා වූ යෝජනාව සම්මත වුවහොත් පළාත් සභා මැතිවරණය 2019 වසරේ පවත්වන බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්