ඇමැති අර්ජුනගේ වත්තට පැන අලාභ හානි කළ අයකු රක්ෂිත බන්ධනාගාරයට

  👤  4220 readers have read this article !
By mawbima 2017-08-11

මීගමුව - නිමන්ති ප්‍රනාන්දු

ඛනිජ සම්පත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ කැපුන්ගොඩ පමුණුගම නිවෙස පිහිටි ඉඩමට පෙරේදා (9දා) අයුතු ලෙස ඇතුළු වී දේපළවලට පහරදී අනර්ථයක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයකු 16දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් රචිර වැලිවත්ත මහතා පෙරේදා (9දා) නියෝග කළේය.

රක්ෂිත බන්ධනාගාර ගතවූයේ අංක 226 කැපුන්ගොඩ පමුණුගම පදිංචි මොහොට්ටිගේ ප්‍රසාද් සමීර ජයමාන්න නමැත්තෙකි.
සිද්ධිය සම්බන්ධව අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයකු වන මුල්ලිගල ආරච්චිගේ ප්‍රේමසිරි යන අය මීගමුව පොලිසියට පැමිණිලි කර ඇත.
ඇමැතිවරයා දැනට සති දෙකකට පමණ පෙර ඉහත ඉඩමේ පිහිටි නිවෙසට පදිංචියට පැමිණ තිබේ. පෙරේදා (09දා) ඉඩමට ඇතුළු විමේ ‍ෙදාරටුව විවෘත කර තිබෙන මොහොතක සැකකරු ඇතුළු වී ඇත. ආරක්ෂක නිලධාරියකුද සිටි බව කියයි. සැකකරු ඉඩමට ඇතුළු වී "සෙන්සර්" නමැති සංවේදී උපකරණයටද පිහිනුම් තටාකයේ සුදු යකඩ උපකරණවලටද පහරදී අලාභ හානි සිදුකර තිබෙන බව පැමිණිල්ලේ සඳහන්ය. සැකකරු මෙලෙස ආලාභහානි කර කෑගසමින් හැසිරෙන විට
ආරක්ෂක නිලධාරීන් විසින් අල්ලාගෙන මැඬ පවත්වා ඇත.

සිදු කළ අලාභය මෙතෙක් ගණන් බලා නැතැයි පොලිසිය කියයි. සැකකරු මානසික වෛද්‍යවරයකු වෙත යොමු කර වෛද්‍ය වාර්තාවක් ලබාගන්නා ලෙස මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර ඇත.

මීගමුව පොලිසියේ පොලිස් සැරයන් ගුණරත්න (22170) සහ පොලිස් කොස්තාපල් සරත් ප්‍රේමකුමාර (56351) යන අය පැමිණිල්ල මෙහෙයවන ලද අතර නීතිඥ ඩිලාන් එන්. ද සිල්වා මහතා සැකකරු වෙනුවෙන්
පෙනී සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon