එජාපෙට සහාය දුන් කිසිදු සුළු පක්ෂයක් ඉවත් වන්නේ නැහැ

  👤  3851 readers have read this article !
By mawbima 2017-08-11

උදයන්ති මුණසිංහ

එක්සත් ජාතික පෙරමුණ සඳහා සහාය දුන් කිසිදු සුළු පක්ෂයක් ආණ්ඩුවෙන් ඉවත් නොවන බව කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් පවසයි.

අඹේවෙල පිහිටි කිරිපිටි කර්මාන්ත ශාලාවක් නවීකරණය කර විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කෙළේය.
ඒකාබද්ධ විපක්ෂය කුමක් ප්‍රකාශ කළද 2020 වනතෙක් ආණ්ඩුව වෙනස් කළ නොහැකි බවත් ආණ්ඩුව පෙරළීමට උතුරේ මෙන්ම දකුණේ සුළු පක්ෂවල කිසිදු සහායක් නොලැබෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කෙළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවැසීය.
'හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා කියනවා ආණ්ඩුව අද ගන්නවා. හෙට ගන්නවා කියලා. ඊට පස්සේ නාමල් රාජපක්ෂත්, ඊයේ පෙරේදා මහින්දානන්ද මන්ත්‍රිවරයාත් කියනවා. බොහොම ඉක්මනට මහින්ද රාජපක්ෂ අගමැති කරනවා කියලා. අපි කියන්නේ පුළුවන් නම් කරන්න කියලා. එක්සත් ජාතික පෙරමුණේ 105ක් ඉන්නවා.

අපි කවදාවත් යන්නේ නැහැ. ඒ වගේම සුළු පක්ෂ කට්ටිය කවදාවත් යන්නෙන් නැහැ.
ඉතිං කොහොමද ආණ්ඩුව මාරු කරන්නේ. කවුරුත් බය වෙන්න එපා.
2020 වෙනකම් මේ ආණ්ඩුව යනවා. අපි අමාත්‍යාංශ බාර අරගෙන කෙළින් වැඩ කරනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්