ඩෙංගු වසංගතය අවම කරගැනීම සෞඛ්‍ය ක්ෂේත්‍රය ලැබූ ජයග්‍රහණයක්

  👤  3848 readers have read this article !
By mawbima 2017-08-11

උදයන්ති මුණසිංහ

ඩෙංගු වසංගතය කෙටි කලකින් අවම කර ගැනීමට හැකි වීම සෞඛ්‍ය ක්ෂේත්‍රය ලැබූ ජයග්‍රහණයක් බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න පවසයි.

"අපිම අරඹමු - ඩෙංගු දුරලමු" ජාතික වැඩසටහනට සමගාමීව බත්තරමුල්ල වෝටස් ඒජ් හෝටල් පරිශ්‍රයේදී ඉකුත්දා පැවැති ඩෙංගු මදුරු මර්දන වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවැසුවේ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව දෛනිකව අඩු වෙමින් පවතින නිසා කොළඹ ජාතික රෝහලේ ඩෙංගු රෝගී වාට්ටුව පසුගිය 07 දා වසා දැමීමට පියවර ගත් බවය. ඩෙංගු රෝගය තාවකාලිකව මර්දනය කිරීමෙන් පලක් නොවන අතර අඛණ්ඩව ඩෙංගු මදුරු මර්දන කටයුතු ක්‍රියාත්මක කළ යුතු බවද අමාත්‍යවරයා පැවැසුවේය.

ඉදිරියේදී දේශගුණික විපර්යාස සිදු වුවහොත් යළි ඩෙංගු රෝගීන් වැඩි විය හැකි බැවින් පිරිසුදු කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්