කතක් ඝාතනය කළ ඉධ්ට සහාය දුන් අයට මරණ දඬුවම

  👤  4118 readers have read this article !
By mawbima 2017-08-11

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

උප සේවා පොලිස් පරීක්ෂකවරයකු වූ පුත්‍රයාගේ දික්කසාද නඩුවක් සඳහා අනුරාධපුර දිසා අධිකරණයට පැමිණි අවස්ථාවේ ඔහුගේ මවට ස්වයංක්‍රිය පිස්තෝලයකින් වෙඩි තබා මරණයට පත්කර පොලිස් පරීක්ෂකවරයාට බරපතළ තුවාල සිදුකළ හිටපු උපසේවා උප පොලිස් පරීක්ෂකවරයකුට හා ඊට ආධාර අනුබල දුන් පුද්ගලයකුට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් ඊයේ (10දා) මරණ දඬුවම සමඟ තවත් වසර දහයක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.
මෙසේ මරණ දඬුවම නියම වූයේ අංක 59, මයුරා පෙදෙස, වැල්ලවත්ත ලිපිනයේ පදිංචි වැඩ තහනමට ලක්වූ උපසේවා උප පොලිස් පරීක්ෂකවරයකු වූ ප්‍රින්ස් ගුණසේකර හා අංක 23/26, මයුරා පෙදෙස, කොළඹ පහ ලිපිනයේ පදිංචි කදිරේෂන් ජයකාන්ත යන අයටයි. ඔවුන් දෙදෙනාට මරණ දඬුවමට අමතරව මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාවට වසර දහයක සිර දඬුවමක් සමඟ රුපියල් 5,000ක දඩ මුදලක් නියම කළ විනිසුරුවරයා දඩ නොගෙවන්නේ නම් තවත් මාස තුනක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.

විත්තිකාර හිටපු උපසේවා උප පොලිස් පරීක්ෂකවරයාගේ වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් ඝාතනයට ලක්ව තිබුණේ අංක 183/ 3, රජවත්ත, මලගල ලිපිනයේ පදිංචිව සිටි වෙරෝනිකා එළිසබෙත් චන්ද්‍රලිකා සමරවීර නමැත්තියයි. එම වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් වවුනියාව කොට්ඨාසයට අනුයුක්තව සේවයේ නිරත වූ උපසේවා පොලිස් පරීක්ෂක විදුරහේවගේ සුමිත් බෝධිනායක යන අය බරපතළ තුවාල ලබා තිබිණි.

වර්ෂ 2002 ජනවාරි මස 25 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී අනුරාධපුර අධිකරණ බලසීමාවේදී වෙරෝනිකා එළිසබෙත් චන්ද්‍රලිකා සමරවීර නමැත්තියට වෙඩි තබා මරා දැමීම (296 - මිනීමැරීම) හා එම දිනයේම එම වේලාවේදීම උප සේවා පොලිස් පරීක්ෂකවරයකු වූ ප්‍රින්ස් ගුණසේකර නමැත්තාට වෙඩි තබා මරා දැමීමට තැත් කිරීම (300) යන චෝදනාවන්ට විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබිණි.

විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ නුවන් රත්නායක, නීතිඥ රංජිත් පීල්ලගේ යන මහත්වරුන් පෙනී සිටි අතර අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් රජයේ අධි නීතිඥ ළහිරු ජයමාන්න මහතා පෙනී සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon