පුංචි මල්ලිව බලාගන්නේ පුංචි අයියයි

  👤  4153 readers have read this article !
By mawbima 2017-08-11

කන්තලේ බස් නැවතුම් පොළේදී ඊයේ (10දා) පෙරවරු 11 ට පමණ මගී කාන්තාවන් පිරිසක් නිකටට අත් තබාගනිමින් මහත් හැඟීම්බර බවකින් යුතුව කතා කරමින් සිටි ස්ථානයකට ගිය අපට දකින්න ලැබුණු හද කකියවන දසුනකි මේ.

ජීවන බර උරමත තබා ගත් තම මව මල්ලිව තමාට භාරදී පලා විකිණීම සඳහා පොළට ගිය බවත් පියා තීන්ත ගෑම සඳහා දඹුල්ල ප්‍රදේශයට ගොස් ඇති බවත්, අම්මා පලා විකුණලා එනකල් මම මල්ලී බලා ගන්නවා යැයි නිදිකිරා වැටෙන තම සුරතල් මල්ලී තුරුලු කර ගනිමින් නව හැවිරිදි මේ කුඩා දරුවා අප සමඟ පැවැසීය.

බස් නැවතුමේ තම නිවෙස් බලා යෑමට සිටි කාන්තාවන් කීප දෙනකු මේ දරුවන් දෙස බලමින් නෙතට කඳුළු පුරවා ගනිමින් නොයෙකුත් කතා කියනුද අපට අසන්නට ලැබිණි.
දිනකට දහස් ගණන් අපේම මුදල් කාදමමින් සුරසැප විඳින මිනිසුන් සිටින රටක ජීවත්වීම සඳහා මෙතරම් කුරිරු වේදනාවන් විඳින මිනිසුන් වෙනුවෙන් වගකිව යුත්තෝ කවුරුන්දැයි අප අපෙන්ම විමසා සිටිය යුතු නොවෙමුද?

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්