රාජපක්‍ෂලාගේ මාලිගා හොයපු අයට අන්තිමට හම්බවුණේ රවිගේ මාලිගාව

  👤  3590 readers have read this article !
By mawbima 2017-08-10

විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා ඔහුගේ ඇඟේ පමණක් ගසා බේරීමට ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ පසුගියදා (6දා) ජාඇළ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාඇළ සම්මන්ත්‍රණය අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.

මේ ආණ්ඩුව බලයට ආවේ බොරුවෙන් හා වංචාවෙන් ජනතාව රවට්ටලයි. රැකියා දස ලක්ෂයක් දෙනවයි කියලයි. දැන් මිනිස්සුන්ට තිබ්බ රස්සාවත් නැහැ. වැස්සට තෙමෙන්නේ නැතිව යන්න පුංචි කාර් දෙනවයි කිව්වා. අන්තිමට පුංචි කාරුත් නෑ. කාර් දෙනවයි කිව්ව නංගිත් නැහැ.
ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය ගැන කතා කරපු අය බලයට ආවට පස්සේ මැතිවරණ කිව්වම කකුල් වෙව්ලනවා. යහපාලනය යටතේ ජනතාවට ලැබිලා තියෙන්නේ ලෝකේ කොහේවත් නැති අමුතුම ජාතියේ ප්‍රජාතන්ත්‍රවාදයක්. ජනාධිපතිවරයා එදා කිව්වේ ගමේ මිනිසා ආරක්ෂා කරනවා කියලයි.

හැබැයි දැන් ගමේ මිනිහට තුන්වේල කන්නවත් නැහැ. අපිට හොරා හොරා කියලා බලයට ආපු අය මහ දවාලෙම මහ බැංකුවේ හොරකමක් කළා. රාජපක්ෂලාගේ මාලිගා හොයපු අයට අන්තිමට හම්බවුණේ රවිගේ මාලිගාවයි. දැන් බලනවා රවිගේ හොරකම කොහොමද යටගහන්නේ කියලා. මහ බැංකුව අයිති වෙලා තිබුණේ රවිගේ අමාත්‍යාංශයට නෙවෙයි රනිල්ගේ අමාත්‍යාංශයටයි. රනිල්ව පත් කළේ ජනාධිපතිවරයායි. ඒ හින්දා රවිගේ ඇඟේ වගකීම ගහලා බේරෙන්න ජනාධිපතිටවත් අගමැතිටවත් පුළුවන්කමක් නැහැ.

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති විදියට පත්වීම ගත්තේ ජනාධිපතිගේ අතින්. ඒ හින්දා එතුමාට කියන්න පුළුවන්කමක් නැහැ මම දන්නේ නෑ. මම දැක්කෙත් පත්තරෙන් කියලා. බැඳුම්කරයටත් වඩා හොරකමක් හම්බන්තොට වරාය විකිණීමේදී සිද්ධ වෙලා තියෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා,

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාටවත් රෙද්දක් ඇඳගෙන මේ ආණ්ඩුවේ ඉන්න පුළුවන්කමක් නැහැ. මේක ශ්‍රී ලංකා ආණ්ඩුවක් නෙවෙයි. මේක ගෙඩිය පිටින් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක්. නියම ශ්‍රී ලංකාකාරයෝ ඉන්නේ මේ ආණ්ඩුවේ නෙවෙයි මහින්ද රාජපක්ෂ මහත්තයා ගාවයි.
මහින්ද මහත්තයාගේ කාලේ තමයි මුඩු බිමක් වෙච්ච මේ රට වැඩබිමක් වුණේ. බෙදෙන්න ගිය රට එක්සේසත් කරලා මිනිස්සුන්ට බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න අවස්ථාව දුන්නේ එතුමා. රට සංවර්ධනය කළා වගේම පක්ෂයත් ශක්තිමත් කරන්න මහින්ද මහත්තයට පුළුවන් වුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා,

රවි ඉල්ලා අස්වුණොත් ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාසභංගය ගේන්නේ ආණ්ඩුවට එරෙහිවයි. බැඳුම්කර හොරකම විතරක් නෙවෙයි වරාය විකිණීම, කුඩු ජාවාරම ගැනත් අපි ඒ විශ්වාසභංගය යෝජනාවේ සඳහන් කරනවා. එක්සත් ජාතික පක්ෂයට මුක්කු ගහන නිදහස් පක්ෂ ඇමැතිවරුන් මොනවද කරන්නේ කියලා එදාට බලා ගන්න පුළුවන්.

ලක්ෂ්මී ජයකොඩි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්