විනිසුරු ඉලන්චේලියන් ඉලක්ක කර වෙඩි තැබූ සැකකරුවන් තිදෙනා ආයෙත් රිමාන්ඩ්

  👤  3410 readers have read this article !
By mawbima 2017-08-10

මඩුකන්ද - දීපාල් බණ්ඩාර

යාපනය, නල්ලූර් ප්‍රදේශයේදී යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් මහතා ඉලක්ක කරගෙන සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවන් තිදෙනා මේ මස 22 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය පෙරේදා (08දා) නියෝග කරනු ලැබීය. පසුගිය ජූලි 25දා යාපනය පොලිසියට භාර වූ මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී හඳුනා ගැනිණි.

කෙසේ වෙතත් අදාළ වෙඩි තැබීමෙන් විනිසුරුවරයාට කිසිදු හානියක් සිදුව නොමැති අතර එක් පොලිස් නිලධාරියකු තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් විය. මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයන් දෙදෙනකු පසුගිය 23 වැනිදා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් ඊයේ (08දා) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්