පන්දාහේ හොර නෝට්ටු සිද්ධියේ සැකකරුවන් 5කගෙන් තිදෙනකු ඇප මත මුදාහරී

  👤  3466 readers have read this article !
By mawbima 2017-08-10

මතුගම _ වසන්ත කුමාර

ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු තොගයක් සමඟ මතුගමදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ්ගත කර සිටි සැකකරුවන් පස් දෙනාගෙන් තෙවැනි සිවුවැනි සහ පස්වැනි සැකකරුවන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස මතුගම ප්‍රධාන මහෙස්ත්‍රාත් වසන්ත කෝසල සේනාධීර මහතා නියෝග කළේය.
කුරුණෑගල කුඹුක්ගැටේ පදිංචි ඩබ්ලිව්. කේ. තරිඳු මධුසංක, ඩබ්ලිව්. කේ. සුජිත් මධුසංක සහ මතුගම ඕවිටිගල පදිංචි රුවන් තුෂාර ජයසිංහ යන සැකකරුවන් තිදෙනා ඇප මත මුදාහැරිය අතර ඔවුන් සෑම ඉරු දිනකම මතුගම පොලිස් ස්ථානයට පැමිණ වාර්තා කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම සිද්ධියේ ප්‍රධාන හා දෙවැනි සැකකරු ලබන අගෝස්තු 14 දින දක්වා තවදුරටත් රිමාන්ඩ්ගත කර තබන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
තෙවැනි, සිවුවැනි සහ පස්වැනි සැකකරුවන් වෙනුවෙන් නීතිඥ ගාමිණී නල්ලපෙරුම මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. මතුගම පොලිසියේ උප පොලිස් පරීක්ෂක රණතුංග මහතා අධිකරණයට කරුණු වාර්තා කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්