හිටපු හමුදා බි්‍රගේඩියර් ඇතුළු සිවුදෙනා 23දා තෙක් යළි ඇතුළට

  👤  3467 readers have read this article !
By mawbima 2017-08-10

මිනුවන්ගොඩ - අතුකෝරල

පානීය ජලය ඉල්ලා ගම්පහ රතුපස්වල වැලිවේරිය නගරයේදී උද්ඝෝෂණය කළ පිරිසට වෙඩි තබා පහරදී තිදෙනකු ඝාතනය කිරීම සහ තවත් පිරිසක් ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අධිකරණ නියමයෙන් රිමාන්ඩ් භාරයේ සිටින යුද හමුදාවේ හිටපු බි්‍රගේඩියර්වරයා ඇතුළු හමුදා සාමාජිකයන් සිවුදෙනා මේ මස 23 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙසට ගම්පහ මහෙස්ත්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ මහතා ඊයේ (09දා) නියම කළේය. යුද හමුදාවේ හිටපු බි්‍රගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන, මාණ්ඩලික සැරයන් ඩිංගිරි අරුණගේ සිරිසේන, සැරයන් ලලිත් ගේ‍ර් සහ කේ‍රා්පල් ජයසුන්දර මුදියන්සේලාගේ තිලකරත්න යන සැකකරුවන් සිවුදෙනා මෙසේ යළි රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.

එම නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රංජිත් මුණසිංහ සහ උප පොලිස් පරීක්‍ෂක උපාලි බණ්ඩාර යන නිලධාරීන් පවසා සිටියේ සිද්ධිය වූ අවස්ථාවේ බස්නාහිර උතුර පළාත භාර එවකට හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම සඳහා එවකට ගම්පහ කොට්ඨාසයේ සිටි පොලිස් අධිකාරිවරයාට පවරා ඇතත් පොලිස් අධිකාරිවරයා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීමට පොලිස් පරීක්‍ෂකවරයකු පත් කර ඇති බවයි. එම පොලිස් පරීක්‍ෂකවරයා නිසි ලෙස එම වෙඩි තැබීම සහ පහරදීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා නොමැති බවත් සිද්ධියට අදාළ සාක්කි විනාශ වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පරීක්‍ෂණ අරඹා ඇති බව පැවැසීය.
2013 වර්ෂයේ අගෝස්තු මස 01 වැනිදා යුද හමුදාව වැලිවේරියේදී කළ වෙඩි තැබීමෙන් සහ පහරදීමෙන් හලාවතගේ මේලි රවිශාන්, කේ.ඒ.ඩී. අකිල දිනේෂ් සහ පී.ආර්. නිලන්ත පුෂ්පකුමාර යන තිදෙනා මියගොස් සාමාන්‍ය වැසියන් 30 දෙනකු තුවාල ලබා තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්