මහේන්ද්‍රන්ලා තමයි මාව පන්නලා ආණ්ඩුව පරද්දන්න සල්ලි බෙදුවේ

  👤  3665 readers have read this article !
By mawbima 2017-08-10

බැඳුම්කර වංචාව පිළිබ¼ද චෝදනාවට ලක්වූ අමාත්‍යවරයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නම් මෙතරම් කලක් බලා සිටිය යුතු නැති බවත්, මොන තීන්දුව ගත්තත් මේ වංචාව විමර්ශනය සම්බන්ධයෙන් සිදු කරන ලද ක්‍රියාවලිය අමතක නොකළ යුතු බවත්, එය එක් පුද්ගලයකුගේ එක ක්‍රියාවලියක් නොවන බවත්, බැඳුම්කර වංචාව පිළිබඳ පත්කරන ලද ජනාධිපති කොමිසම ඒකාබද්ධ විපක්ෂය ඇතුළු ඔවුන්ගේ පැත්තේ සිටින දේශපාලන පක්ෂ සටන්කොට ලබාගත් කොමිසමක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

හෙතෙම මේ බව කියා සිටියේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වන ලීලාරත්න විජේසිංහ මහතා අභාවප්‍රාප්ත වී වසර 28ක් පිරීම නිමිත්තෙන් රචනා කරන ලද 'ලීලාරත්න විජේසිංහ අභිනන්දන' කෘතිය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වීමේ උත්සවය අමතමිනි. එය ඊයේ (9 වැනිදා) නෙළුම් පෙදෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කාර්යාලයේ පැවැත්විණ.

එහීදී ඒ මහතා තවදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.
මහේන්ද්‍රන්ලා තමයි අපේ ආණ්ඩුව, මාව පන්නන්න සල්ලි බෙදුවේ. ලංකාවට ඇවිත් නෙවෙයි, සිංගප්පූරුවට ගිහින් සල්ලි අරගෙන ආවේ. එනකොට සූට් කේස් අරන් ආවා, මොනවද දන්නේ නැහැ ඒවායේ තිබුණේ.

ප්‍රජාතන්ත්‍රවාදය කොහෙද ඉතිරි වෙලා තිබෙන්නේ. විසිවැනි සංශෝධනය සම්පූර්ණ උපක්‍රමයක්නේ. රටේ ඡන්දය කල් දානවා නම් කොහෙද ප්‍රජාතන්ත්‍රවාදයක්. ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් විරුද්ධ පක්ෂයේ බලපෑමට, රටේ ජනතාවගේ මතවාදයට ඇහුම්කන් දීලා හෝ ඒකෙන් බේරෙන්න තමයි බැඳුම්කර වංචාව සම්බන්ධ සොයන්න පත්කරපු කොමිසම කියන්නෙත්. ජනාධිපතිතුමා ඒක පත්කරපු එක හොඳයි. හොඳ දේට හොඳයි කියන්න එපැයි. නමුත් ඒකෙන් අපි සෑහීමකට පත්වෙන්නේ නැහැ. ඒකෙන් අනිත් ඒවා යට ගහන්න දෙන්නත් බැහැ.

අද තුනෙන් දෙකක බලයක් තියාගෙනයි ආණ්ඩුව පවත්වාගෙන යන්න බැරුව තටමන්නේ. එජාපය සම්පූර්ණයෙන්ම ආණ්ඩුව පැත්තේ, ශ්‍රීලනිපයේ කොටසක් ආණ්ඩුවේ, දෙමළ පක්ෂ විපක්ෂයේ ඉඳගෙන ආණ්ඩුව ගෙන යන්න සහාය දෙනවා. ජනතා විමුක්ති පෙරමුණත් සහාය දෙනවා ආණ්ඩුව ගෙන යන්න, මේ ඔක්කොම හංසයා වෙනුවෙන් කඩේ ගිය අය. ඒකනේ ඔක්කොම තම තමන්ගේ කතා අපට බැනලා අවසන් කරන්නේ. එජාපය, මේ අයගේ යටි අරමුණ ආණ්ඩුව රැක ගැනීමයි. ආණ්ඩුවට එරෙහිව 51 දෙනකුගේ මතයක් එක්ක තමයි මේ තත්ත්වයට ඇවිත් තිබෙන්නේ. ඒක නෙවෙයි, කළමනාකරණය කරන්න දන්නේ නැහැ. කාගෙවත් මතයට ඇහුම්කන් දෙන්නේ නැහැ. ඒකනේ අද ශිෂ්‍යයන්, වෛද්‍යවරුන්, ගොවියන් මහ පාරේ.

එහිදී අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා,
ඒකාබද්ධය විපක්ෂය විසින් තවත් ඇමැතිවරු ගණනාවකටම වංචා දූෂණ පිළිබඳ අල්ලස් හා දූෂණ කොමිසමට වාර්තා භාර දීලා තිබෙනවා. ඒවා පරීක්ෂා කරලා නැහැ දැනට.

රසිකා හේමමාලි
ඡායාරූපය - තිළිණ සම්පත් ප්‍රනාන්දු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්