නැව් ගිලපු ලෝක හොරුන්ට නම් බැඳුම්කර වංචාව ලූනු බිකක් තමයි

  👤  3661 readers have read this article !
By mawbima 2017-08-10

පසුගිය ආණ්ඩු කාලයේ නැව් ගිලපු ලෝක හොරුන්ට ආසියාවේ විශාලතම මුදල් මංකොල්ලය ලූනු බිකක් සේ පේනවා ඇති යැයි කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි පියල් නිශාන්ත මහතා බේරුවලදී කීවේය.

සිය පක්ෂ ප්‍රචාරක කාර්යාලයේදී පැවැති රැස්වීමක් අමතමින් පියල් නිශාන්ත මහතා මෙසේද කීවේය. මහ දවල් ප්‍රකෝටි ගණනින් ජනතා මුදල් හොරා කෑම ලූනු බිකක් කියල කියන ඩෙංගු සේනාරත්න පසුගිය රජය කාලයේ නැව් අරගෙන ඒ සඳහා මුදල් ලැබුණු ආකාරය පෙන්වීමට නොහැකිව එදත් ජාත්‍යන්තර මට්ටමේ හොරු බවට ප්‍රකට වුණා. එහෙම හොරුන්ට මේක ලූනු බිකක් වගේ පෙනීම සාධාරණයි.

අවුරුදු දෙකහමාරක් ගිහිල්ලත් රාජිත සේනාරත්නලාට මහින්ද රාජපක්ෂලාගේ විදේශ බැංකු ගිණුම්වල තියෙනවා කියන මුදල් හොයා ගන්න බැරි වෙලා තියෙනවා. රාජපක්ෂලා හොරකම් කළා නම් නීතියේ රැහැනට ගන්න බැරිවුණේ ඇයි. රාජපක්ෂලාට චෝදනා කළාට රාජපක්ෂලා හොරු නෙවෙයි. රටට වැඩක් කළේ රාජපක්ෂලායි.
නමුත් යහපාලන නඩය රටට වැඩ කළේත් නැහැ. වැඩක් කරන්න තියෙන මුදල් මංකොල්ල කනවා. හොරු කවුද කියල රටේ ජනතාවට ආයෙත් අලුතින් කියන්න අවශ්‍ය නැහැ. දැන් රටේ ජනතාවට තේරෙනවා. මේ වගේ කම්බ හොරු සමඟ පාර්ලිමේන්තුවක ඉන්න ලැබීම ගැන ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රිවරයකු ලෙස ලැජ්ජාවට පත් වෙනවා.
බැඳුම්කර වංචාවට සම්බන්ධ කවුද කියලා හෙළි වෙමින් තියෙනවා. රවි කරුණානායක ඉවත් විය යුතුයි කියල රටම කියද්දීත් ඔහු තවමත් එල්ලිලා ඉන්නෙ ඔහු සිදුකළ හොර තක්කඩිකම් වසන් කිරීමට රජයට රාජ්‍ය නිලධාරීන්ට වක්‍ර ආකාරයෙන් බලපෑම් කිරීමට බව ඉතා පැහැදිලියි.

මේ චෝදනාව රවි කරුණානායකට පමණක් පටවල බේරෙන්න බැහැ. අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු යහපාලන නඩය වගකිව යුතුයි. මහ දවල් ජනතා දේපළ හොරා කෑමේ බැඳුම්කර වංචාවට යහපාලන රජයේ නායකයන් සම්බන්ධ බව රටේ ජනතාව මෙන්ම රටේ විද්වතුන්ගේ මතයයි. ඒ නිසා ඉල්ලා අස්විය යුත්තේ රවි කරුණානායක පමණක් නෙවෙයි යහපාලනයේ ඉන්න සියලු දෙනා ඉල්ලා අස්වෙලා ජනතාවගෙන් සමාව ගත යුතුයි.

රටේ දේපළ හොරකම් කළ ටොප්ටෙන් පිළිබඳ අපි ෆයිල් පිටින් ඉදිරිපත් කළා. ඒ හොරු පිළිබඳව කිසිම තොරතුරක් හෙළි කෙළේ නැහැ. ඒ ලිපි ගොනු පුස් බැඳිල තියෙනවා. අල්ලස් කොමිසමේ අපරාධ විමර්ශන කොමිෂන් තුළ මේ හොරුන්ගේ ලිපි ගොනු ගොඩගැහිලා තියෙනවා. මේවා ගැන විමර්ශන කරන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.

මතුගම - වසන්ත කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්