මෙවැන්නක් ලංකා ඉතිහාසයේ කවදාවත් සිදුවී නැහැ

  👤  3660 readers have read this article !
By mawbima 2017-08-10

අද ඇතැමුන් එළියේ සිට ආණ්ඩුව විවේචනය කළද බැඳුම්කර සිද්ධියේදී ශ්‍රී.ල.නි.ප.ය ආණ්ඩුව තුළම හිඳිමින් ඊට විරුද්ධව ක්‍රියා කළ ආකාරය ලංකා ඉතිහාසයේ කිසිම දිනෙක සිදු නොවූවක් බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවැසීය.
ඇමැතිවරයා මේ අදහස් ප්‍රකාශ කළේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි සිය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
කිසිදා කවුරුන් හෝ ආණ්ඩුවක් තුළ හිඳිමින් ආණ්ඩුව විවේචනය සඳහා ඉදිරිපත් නොවූ බවත් තනි පක්ෂයකින් පිහිටුවූ ආණ්ඩුවක සහ පක්ෂ දෙකකින් සැදුම්ලත් ආණ්ඩුවක වෙනස මෙය වන බවද ඇමැතිවරයා එහිදී පැවැසීය.

එහිදී අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේද පැවැසීය.
හැම ආණ්ඩුවකම වංචා කරපු දූෂිතයන් හිටියා. නමුත් අද මෙවැනි එළිදැක්වීමකට අවස්ථාව උදාවෙලා තියෙන්නේ මේක තනි පක්ෂයක ආණ්ඩුවක් නොවන නිසයි.
රටේ ඉතිහාසයේ කවමදාකවත් ඇමැතිවරයකුගෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයෝ ප්‍රශ්න ඇසීමක් වාර්තා වෙන්නෙ නැහැ. මෙය රටේ අනාගත දේශපාලනයට හොඳ පිම්මක්. ඒ වගේම දේශපාලනඥයන් වැරැදි කිරීම සීමා වෙයි.

එදා මාධ්‍යවේදියෝ පවා ප්‍රශ්න නැඟුවා මේ ස්වාධීන කොමිසමෙන් වැඩක් වෙයිද කියලා. අද පේන්න තියෙන්නෙ වෙලා තියෙන වැඩේ තමයි.
අද මේ ක්‍රියාදාමය මේ තැනට ඇවිත් තියෙන්නේ ජනාධිපතිතුමා නිශ්ශබ්දව හිඳිමින් ගත් සෘජු තීන්දු නිසයි. අපි කවදාවත් ආණ්ඩුව තුළ ඉඳිමින් වැරැදි හරි කිව්වෙ නෑ. අපි අපේ ස්ථාවරයේ දිගටම ඉන්නවා. මේ වැරැදි රකින්න අපි කුමන අවස්ථාවකවත් ඉදිරිපත් වෙලා නැහැ. ඒවා රකින්න ක්‍රියා කළ අයත් අද නිහඬ වෙලා. ඒ වගේම එ.ජා.ප.යේ අවංක මන්ත්‍රින් රැසක්ම අපේ මතයට එකඟයි.

ශ්‍රී.ල.නි.ප.ය විදියට මෛත්‍රි ජනපති වූ විට අපි ආණ්ඩුවට එකතුවෙලා අපේ ස්ථාවරය ඉදිරියට ගෙනිච්චා. එයින් රටට අයහපතක් වුණාද? මේ නිසා යම් යම් තීන්දු තනිවම කාටවත් ගන්න බැරි වුණා.

බැඳුම්කර ප්‍රශ්නෙදිත් විශ්වාසභංගයක් ගේන්න කලින් මේ පැත්තෙන් විය යුතු බොහෝ දේවල් තියෙනවා. ඒවා වෙන්නෙ නැත්නම් අපි ඉන්නෙ එදා ස්ථාවරයේමයි. චෝදනා එල්ල වුණු අය තීන්දුවක් ගන්නව නම් හොඳයි. නැත්නම් බෙදීමක් ඇති වෙයි. ආණ්ඩුව අපහසුතාවට පත් නොකර තීරණ ගත යුතුයි.
විශ්වාසභංගය ගැන ශ්‍රී.ල.නි.ප. කිසිම අපහසුතාවකට පත්ව නැහැ. අපි ඉන්නේ අපේ ස්ථාවරයෙමයි.

දැන් රටට වෙන්න ඕන හානිය වෙලා ඉවරයි. වසර තිහක් තුළ මේ මුදල් රටේ තිබුණා නම් බිලියන දාහක් රටේ පවතීවි. දැන් රටට ටි්‍රලියනයක විතර හානියක් වෙලා ඉවරයි.

මෙහෙම අති විශාල දරාගත නොහැකි ආර්ථික අහේනියක් රටට මින් කිසිදාක වෙලා නෑ.
හර්ෂනී අර්සකුලරත්න

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon