ලංකාව පළමු තරගයේදීම වියට්නාමයට පරදී

  👤  3484 readers have read this article !
By mawbima 2017-08-10

පිලිපීනයේදී මේ දිනවල පැවැත්වෙන ආසියානු කාන්තා වොලිබෝල් ශූරතාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායම ඊයේ වියට්නාමය සමඟ පැවැති පළමු තරගයෙන් තරග වට 3-0ක පරාජයක් අත්කරගත්තතේය.
දිනේෂා ප්‍රසාදිනීගේ නායකත්වයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී පළමු වටය 25/12ක් ලෙසත්, දෙවැනි හා තෙවැනි වට පිළිවෙළින් 25/14ක් හා 25/17ක් ලෙසත් වියට්නාමය හමුවේ පරාජය වැලඳගෙන තිබිණි.

චීනය, ද. කොරියාව, තායිලන්තය, චීන තායිපේ, වියට්නාමය, ජපානය, කසකස්ථානය, ඉරානය, ඕස්ට්‍රේලියාව, පිලිපීනය, නවසීලන්තය, හොංකොං, ශ්‍රී ලංකාව හා මාලදිවයින වශයෙන් රටවල් 14ක් ඇතුළත්ව සිටින මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව "සී" කාණ්ඩයෙන් තරග වදින අතර, එම කාණ්ඩයට නවසීලන්තය, වියට්නාමය හා දකුණු කොරියාව ඇතුළත්ව සිටී.

කෙසේ වුවත් ඊයේ පැවැති තවත් තරග කිහිපයකදී දකුණු කොරියාව තරග වට 3-0ක් ලෙස නවසීලන්තයත්, ජපානය තරග වට 3-0ක් ලෙස ඕස්ට්‍රේලියාවත් පරාජය කරද්දී චීන තායිපේ තරග වට 3-1ක් ලෙස ඉරානයත්, තායිලන්තය තරග වට 3-0ක් ලෙස මාලදිවයිනත් පරාජය කර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්