ක්‍රීඩා මාධ්‍යවේදීන් අතර ක්‍රිකට් තරගයෙන් ඉන්දියාව පරදා ශ්‍රී ලංකාව ජයගනී

  👤  3528 readers have read this article !
By mawbima 2017-08-10

ශ්‍රී ලංකා-ඉන්දීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ කණ්ඩායම් අතර පසුගියදා සී.සී.සී. පිටියේදී පැවැති විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 2ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ කණ්ඩායම සමත්විය.

පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය මාධ්‍යවේදීන්ගේ කණ්ඩායම ලබාගත් ලකුණු 175 හඹා ගිය ශ්‍රී ලංකා පිලේ කෝසල සුරේෂ්චන්ද්‍ර නොදැවී ලකුණු 33ක් හා කසුන් කැළුම් නොදැවී ලකුණු 29ක් ලබාගනිමින් ශ්‍රී ලංකා මාධ්‍යවේදීන්ගේ කණ්ඩායම තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල, ශම්මි සිල්වා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.

ලකුණු සටහන
ඉන්දීය මාධ්‍ය ක්‍රිකට් කණ්ඩායම
(පන්දුවාර 20කදී සියලු දෙනා දැවී) 175 (සුනනන් ලිලී නොදැවී 26, කෝසල සුරේෂ්චන්ද්‍ර 3/28)
ශ්‍රී ලංකා මාධ්‍ය ක්‍රිකට් කණ්ඩායම (පන්දුවාර 17.4කදී කඩුලු 8කට) 177 (කෝසල සුරේෂ්චන්ද්‍ර නොදැවී 33, කසුන් කැළුම් නොදැවී 29, සමින්ද තාරක 25)

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්