හත් වැනි චූදිතයා සම්බන්ධයෙන් නඩුව තවදුරටත් පවත්වාගෙන යනවාද? නැද්ද?

  👤  878 readers have read this article !
By mawbima 2018-06-13

කවින්ධ්‍යා පෙරේරා

විමල් වීරවංශ මහතා ඇතුළු හත් දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ හත් වැනි චූදිත සම්බන්ධයෙන් නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේද නැද්ද? සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කරන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (12දා) කුරුඳුවත්ත පොලිසියට නියම කළේය.

එසේම හත් වැනි චූදිත මෙම නඩුවෙන් ඉවත් කරන්නේ නම් සංශෝධිත පැමිණිල්ලක් ඉදිරි දින ගොනු කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා මෙහිදී නියම කළේය.

සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී හත් වැනි චූදිත අධිකරණයේ පෙනී නොසිටි අතර එම චූදිතගේ ලිපිනයක් සොයා ගැනීමට නොහැකි වූ බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසට පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව මහෙස්ත්‍රාත්වරයා නඩුව සැප්තැම්බර් මස 17 වැනිදා කැඳවීමට නියම කළේය.
2016 වසරේ පෙබරවාරි මස 06 වැනිදා එක්සත් රාජධානියේ හිටපු මහ ලේකම් සෙයිද් රාද් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීමට විරෝධය ප්‍රකාශ කරමින් මහජන පීඩාවක් ඇතිවන ආකාරයේ උද්ඝෝෂණයක් පැවැත් වූ බවට සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීර කුමාර දිසානායක, පියසිරි විජේනායක, රොජර් සෙනෙවිරත්න, මොහොමඩ් මුසම්මිල්, අරුණ ශ්‍රී සූරිය බණ්ඩාර, චමින්ද ජයලාල් යන අයවලුනට කුරුඳුවත්ත පොලිසිය විසින් නඩු පවරා තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon