මැතිවරණයට ගත් මුදල් ගැන ගැටලු මතුවන්නේ ඇමැතිවරුන් ප්‍රචාරක වියදම් සීමා කිරීමේ පනත ලාච්චුවේ දාගෙන සිටියදීය

  👤  870 readers have read this article !
By mawbima 2018-06-13

නුවන් හෙට්ටිආරච්චි

මැතිවරණ සඳහා ව්‍යාපාරිකයක්ගෙන් ලබාගත් මුදල් සම්බන්ධව ගැටලු මතුවෙමින් පවතින්නේ මැතිවරණ ප්‍රචාරක වියදම් සීමා කිරීමේ පනත අදාළ ඇමැතිවරුන් ලාච්චුවේ දමා තිබියදී බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.
මැතිවරණ වියදම් සීමා කිරීමේ කෙටුම්පත පැෆරල් සංවිධානය ප්‍රධානත්වයෙන් අනෙකුත් සිවිල් සංවිධාන හා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථාන හා එකතුවෙන් බව හෙතෙම සඳහන් කරයි.

අද මහජන නියෝජිතයන් ලෙස පෙනී සිටි දේශපාලකයන් ව්‍යාපාරිකයන්ගේ නියෝජිතයන් වී අවසන් බවත් තවදුරටත් එම ක්‍රමය පවත්වාගෙන යෑමට ඉඩ නොදිය යුතු බවත් පෙන්වා දෙන හෙට්ටිආරච්චි මහතා පවසන්නේ රටට ආදරය කරන පිරිස් හා ව්‍යාපාරිකයන්ගේ මුදල් අවභාවිත නොකරන මහජන නියෝජිතයන් තෝරා ගැනීමට මෙම පනත සම්මත විය යුතු බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon