ඉන්ජිනේරු පාඨමාලා ආයතනය වසා දැමීමෙන් සිසුන් දහසක් අපහසුවේ

  👤  975 readers have read this article !
By mawbima 2018-06-13

සවනි ශේශාධි

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව දින නියමයකින් තොරව කොළඹ 15 මට්ටක්කුලිය, උසස් ජාතික ඉන්ජිනේරු ඩිප්ලෝමා පාඨමාලා ආයතනය (එච්.එන්.ඩී.ඊ.) වසා දැමීමෙන් එහි අධ්‍යාපනය ලබන සිසුන් දහසක් පමණ දැඩි අර්බුදයකට ලක්ව තිබේ.

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ දුර්වල පරිපාලනය හේතුවෙන් තමන් අර්බුද රැසකට මුහුණ පා ඇතැයි උසස් ජාතික ඉන්ජිනේරු ඩිප්ලෝමා ශිෂ්‍ය සංගමය චෝදනා කරයි. අධ්‍යාපන කණ්ඩායම් 3ක සිසුන් දහසකට අධික ප්‍රමාණයක් එම ආයතනයේ වැඩ බලන අධ්‍යක්ෂවරයාගේ අත්තනෝමතික තීරණය හේතුවෙන් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරගත නොහැකි වීම හේතුවෙන් දැඩි අර්බුදයකට මුහුණ පා ඇත. මාස දෙකකට අධික දීර්ඝ නිවාඩු කාලයකින් පසු අප්‍රේල් 30 වැනිදා අධ්‍යයන කටයුතු සඳහා විවෘත කළද ජුනි 08 වැනිදා සිට ආයතනයේ වැඩ බලන අධ්‍යක්ෂවරයාගේ තීරණයකට අනුව දින නියමයක් නොමැතිව මට්ටක්කුලිය උසස් ජාතික ඉන්ජිනේරු ඩිප්ලෝමා ආයතනය වසා දමා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon