දෙදෙනකු විශ්‍රාම වැටුප් ක්‍රමය හදාරන්න ඇමෙරිකාවට යවලා

  👤  892 readers have read this article !
By mawbima 2018-06-13

රුචිර දිලාන් මධුශංඛ

ආයතන සංග්‍රහයට පටහැනිව ආර්ථිකයට සම්බන්ධ රාජ්‍ය අමාත්‍යවරයකුගේ අමාත්‍ය කාර්ය මණ්ඩලයේ අනියම් සේවකයන් දෙදෙනකු විදෙස් පුහුණුවක් සඳහා ඇමෙරිකාවට යවා ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග 'මව්බිම'ට හෙළි කළේය.

මහජන මුදල් රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් අදාළ අමාත්‍යාංශය විසින් ඇමෙරිකාවේ වොෂින්ටනයේ පැවැති මෙම සමුළුවට යැවීම සඳහා වැය කර ඇති බවද වාර්තාවේ. එම සේවකයන් දෙදෙනා වොෂින්ටනයට ගොස් ඇත්තේ විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳ පුහුණුවක් සඳහා වන අතර මේ සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කිසිදු නිලධාරියකු සහභාගි නොවීමද පුදුමයක් බව අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරියකු කීවේය.

අනියම් පදනමට හෝ ස්ථිර නොවන සේවකයකු මෙවැනි විදෙස් සංචාර සඳහා සහභාගි කරවීම ආයතන සංග්‍රහයට අනුව පටහැනි ක්‍රියාවකි. එසේ වුවත් අදාළ රාජ්‍ය ඇමැතිරයාගේ වුවමනාව මත අනෙක් සියලු කරුණු පසෙකලා සේවකයන් දෙදෙනා ඇමෙරිකාවට යවා ඇති බවද වාර්තාවේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon