කටාර් සිට ගෙනා 'ලක්‍ෂ දාහතේ ගමන් මල්ල' අත්අඩංගුවේ

  👤  879 readers have read this article !
By mawbima 2018-06-13

කටුනායක _ ගයා තිරිමාදුර

තම ගමන් මල්ලේ සඟවා ගෙන කටාර් රාජ්‍යයේ සිට නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ රුපියල් ලක්ෂ 17කට අධික වටිනාකමින් යුත් රන් බිස්කට් 05ක් 12 දින අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගත් බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවැසීය.

මෙම රන් බිස්කට් තොගය නීති විරෝධී ලෙස මෙරටට ගෙන එනු ලැබුවේ 39 හැවිරිදි කල්මුණේ පදිංචිකරුවෙකි. ඔහු වසර දහයක් පමණ කටාර් රාජ්‍යයේ සේවය කර ඇත්තෙකි. ඔහු 12 වැනි දින අලුයම 2.45ට පමණ කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි, කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. 668 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ එහි කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති 'හරිත මාවත' (ට්පඥඥද ඛ්ඩචදඥත) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී තම පිටේ එල්ලා ගෙන පැමිණි ගමන් මල්ලේ තිබූ, පිටත පිහිටි සාක්කුවක මෙම රන් බිස්කට් 05 සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. මෙම රන් බිස්කට්වල මුළු බර ග්‍රෑම් 291.55ක් වූ අතර ඒවායේ වටිනාකම රුපියල් 17 ලක්ෂ 49,300ක් බව රේගුව පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon