සාධාරණ මිලකට පොහොර අලෙවි කරන්න රජය පොරොන්දු වුණා

  👤  951 readers have read this article !
By mawbima 2018-06-13

අනුරාධා හේරත්

මිශ්‍ර පොහොර ජාවාරම පිළිබඳ හෙළිදරව් කිරීමෙන් අනතුරුව එම පොහොර ලබන මහ කන්නයේ සිට සාධාරණ මිලකට අලෙවි කිරීමට රජය පොරොන්දු වූ බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි.

එම සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න 'මව්බිම'ට ඊයේ (12දා) පැවසුවේ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සමඟ කළ සාකච්ඡාවකදී මෙම තීරණයට ආ බවයි. ඒ අනුව එළවළු නාස්ති වීම වැළැක්වීමට දඹුල්ල, බණ්ඩාරවෙල ප්‍රදේශවල අධිශීතාගාර ඉදිකිරීමට, ජංගම ශීතාගාර රථ යෙදීමට, බීජ මිලවලට සහන දීමට, එළවළු, පලතුරු විජලනය කරන යන්ත්‍ර ගොවීන්ට හඳුන්වා දීම හා ගොවීන්ගෙන් එළවළු මිලදී ගැනීමට රජය මැදිහත්වීම යන පොරොන්දු ක්‍රියාත්මක කිරීමටද රජය තීන්දු කළ බව කරුණාරත්න මහතා කීය.

කෙසේ නමුත් අදාළ තීන්දු ක්‍රියාත්මක වනවාද යන්න ගැන අවධානයෙන් පසුවන බවද හෙතෙම වැඩිදුරටත් කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon