ඛනිජ තෙල් සංස්ථාවෙන් දුම්රියට රුපියල් කෝටි තිස්දෙකක පොල්ලක්

  👤  706 readers have read this article !
By mawbima 2018-06-13

උපතිස්ස පෙරේරා

දිවයින පුරා ප්‍රධාන දුම්රිය ස්ථානවලට අනුබද්ධව තෙල් ගබඩා සංකීර්ණ පවත්වාගෙන යෑමට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් බදු ගිවිසුම්වලට යටත්ව ලබාගෙන ඇති ඉඩම්වලට ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් තිස් දෙකෝටි අසූ ලක්ෂක මුදලක් (3,28,000,000ක) ගෙවා නොමැති බව දුම්රිය වෘත්තීය සමිති සංවිධානය පෙන්වා දෙයි.

දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ එම සංස්ථාව අස්සන් කර ඇති බදු ගිවිසුම් අනුව මෙම බදු මුදල් ගෙවිය යුතු වුවද 2017.12.31 වනවිට මෙම මුදල් ගෙවා නොමැති බවත් එය මේ වසරේ දෙසැම්බර් 31 වනවිට රුපියල් තිස්හය කෝටි හැට හතර ලක්ෂය ඉක්මවන බවද එම සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ මහතා පෙන්වා දෙයි.

පෙට්රල් ලීටරයකින් රුපියල් 63ක්, ඩීසල් ලීටරයකින් රුපියල් 24ක් හා තවත් විවිධ ක්‍රමවලින් විශාල වශයෙන් ලාභ ලබන ඛනිජ තෙල් සංස්ථාව මහජන සේවාවක් ලෙස පාඩු ලබමින් පවත්වාගෙන යන දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු බදු මුදල් නොගෙවීම බරපතළ අසාධාරණයක් බවද ඔහු සඳහන් කරයි.

මෙම මුදල නිසි පරිදි අය කර ගැනීමට කටයුතු කළහොත් දුම්රිය සේවාව පවත්වාගෙන යෑමේ පාඩුව සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩු කරගෙන දුම්රිය සේවක සුබ සාධනය සැලසිය හැකි බවද එම මුදල කඩිනමින් අයකර ගැනීමට කටයුතු කරන ලෙසද ඔහු ප්‍රවාහන අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon