හිටපු ජනපති ගුවනින් මත්තලට

  👤  817 readers have read this article !
By mawbima 2018-06-13

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උත්සව කටයුත්තක් සඳහා හම්බන්තොට ප්‍රදේශයට පැමිණීම වෙනුවෙන් ගෘහස්ථ ගුවන් යානයකින් රත්මලානේ සිට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පෙරේදා (11දා) දහවල් පැමිණ තිබේ.

ෆ්ලයි සදන් නමැති ගුවන් සමාගමට අයත් ර්ථීඒ 361 වර්ගයට අයත් ගුවන් යානයකින් රත්මලානේ සිට මත්තල ගුවන් තොටුපොළ වෙත පෙරවරු 10.30ට පමණ පැමිණ එම ගුවන් යානයෙන්ම සවස 1.45ට පමණ යළි පිටත්වී තිබේ.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත දෛනිකව පැමිණි එකම ගුවන්යානය වන ෆ්ලයි ඩුබායි ගුවන්යානය පසුගිය 08 වැනිදා මත්තල ගුවන්තොටුපොළ වෙත පැමිණීම නැවත්වීමෙන් පසු පැමිණි තෙවැනි ගුවන්යානය මහින්ද රාජපක්ෂ මහතා පැමිණි ගෘහස්ථ ගුවන්යානය වේ.

එමෙන්ම ඊට අමතරව පසුගිය 10 වැනිදා ඇන්ටනොව් ගුවන් සමාගමට අයත් ඒව් 12 වර්ගයේ ගුවන් යානයක් රාත්‍රී 8.42ට පමණ පැමිණ ඇති අතර පසුගිය 11 වැනිදා සවස 03ට පමණ එම සමාගමටම අයත් ඒව් 12 වර්ගයේම තවත් ගුවන්යානයක් සේවා ලබාගැනීම සඳහාත් කාර්යමණ්ඩල සඳහා විවේක ලබාගැනීම සඳහාත් ගොඩබැස්සවූ බව ගුවන් තොටුපොළ කළමනාකරු උපුල් කලන්සූරිය මහතා කියා සිටියේය.

එමෙන්ම එම ගුවන් යානා එලෙස ගොඩබැස්සවීම නිසා පැය කීපයකට රුපියල් එක් ලක්ෂ 58 දහසකට අධික ආදායම් මත්තල ගුවන් තොටුපොළ වෙත ලැබී තිබෙන බවද හෙතෙම කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon