ගුවන් සේවා සමාගමේ නව උප සභාපති කපිතාන් මිලින්ද රත්නායක

  👤  940 readers have read this article !
By mawbima 2018-06-13

උපතිස්ස පෙරේරා

ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ නව උප සභාපතිවරයා ලෙස කපිතාන් මිලින්ද රත්නායක මහතා සිය පත්වීම් ලිපිය වැඩබලන ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා වෙතින් එම අමාත්‍යාංශයේදී ඊයේ (12දා) භාරගත්තේය.

කපිතාන් මිලින්ද රත්නායක මහතා ශ්‍රී ලංකාවේ පළමු ගුවන් සේවය වන එයාර් සිලෝන්හිත්, එයාර්ලංකා සහ ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් යන ආයතනවල වසර 40ක සේවා කාලයක් සැපිරූ පැය 15,000ක ගුවන් පියාසර කාලයක් ගුවන් මගීන් ප්‍රවාහනයේ නිරත වූ ගුවන් නියමුවෙකි.

මෙරටින් ගුවන් ගතවන හා මෙරටට පැමිණෙන ගුවන් මගීන්ට උපරිම ආචාරශීලී සේවයක් සමඟ උපරිම පහසුකම් සැලසීම තම අරමුණ බව නව තනතුරේ වැඩ භාරගනිමින් කපිතාන් මිලින්ද රත්නායක මහතා පැවැසුවේය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ සහ එම සමාගමේ සභාපති සමන් එදිරිවීර යන මහත්වරුද එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon