ලංවිම ඉන්ජිනේරු වැඩවැරුම අත්හිටුවයි

  👤  802 readers have read this article !
By mawbima 2018-06-13

හර්ෂණී අර්සකුලරත්න

වසරක් තිස්සේ අනුමත නොවූ ලංවිම 20 අවුරුදු ජනන සැලැස්මට පසුගියදා (11දා) අනුමැතිය හිමිවීමත් සමඟ ලංවිම ඉන්ජිනේරු සංගමය මාසයකට අධික කාලයක් තිස්සේ ක්‍රියාත්මක කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ (12දා) සිට අත්හිටුවා තිබේ.

ලංවිම විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත යොමුකළ 2018/ 2038 20 අවුරුදු ජනන සැලැස්ම අවම පිරිවැය සහිත ජනන සැලැස්ම නොවන බවට ප්‍රකාශ කරමින් මහජන උපයෝගිතා
කොමිෂන් සභාව නව ජනන සැලැස්මක් අනුමත කිරීමත් සමඟ ලංවිම ඉන්ජිනේරුවෝ විටින් විට සිය විරෝධය පළ කර සිටියහ.

විසි අවුරුදු ජනන සැලැස්ම පිළිබඳ ගැටලුව හේතුවෙන් විදුලි ජනනය සඳහා අවශ්‍ය බලාගාර ඉදි නොවීම රටක් ලෙස විශාල ආර්ථික හා විදුලි අර්බුදයකට තුඩුදෙන බව පවසමින් ලංවිම ඉන්ජිනේරුවන් දිගින් දිගටම සිය ජනන සැලැස්ම අනුමත කරගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක නියැළිණි.

ඒ අනුව පසුගියදා ඔවුන්ගේ ජනන සැලැස්මට අනුමැතිය ලබාදෙන බවට ලිඛිත දැනුම්දීමක් ලැබීම හේතුවෙන් ඉදිරි බලාගාර සැලසුම් කඩිනම් කිරීමට කටයුතු කරන බව එම සංගමය පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon