ලක්ෂ 50 මංකොල්ලයේ සැකකරුවකු හා වාහනයක් අත්අඩංගුවට

  👤  3498 readers have read this article !
By mawbima 2018-06-13

කුණ්ඩසාලේ - ඩබ්ලිව්. අළුගොල්ල

මහියංගණ - මහනුවර මාර්ගයේ දහ අට වංගුවේ 16 වැනි වංගුව අසලදී මූල්‍ය සමාගමකට අයත් රුපියල් ලක්ෂ 70ක් මංකොල්ලකෑම පිළිබඳව එක් සැකකරුවකු සහ මංකොල්ලකෑමට යොදා ගත් බවට සැක වාහනයක්ද අත්අඩංගුවට ගෙන ඇතැයි පල්ලේකැලේ පොලිසිය පවසයි.

මෙම මංකොල්ලකෑමට යොදා ගත් වාහනයේ රියැදුරු විසින් පල්ලේකැලේ පොලිසියට පැමිණ තම වාහනය පැහැරගෙන ගිය බවට කරන ලද පැමිණිල්ලක් අනුව ක්‍රියාත්මක වූ පොලිසිය අසල සීසීටීවී දර්ශන ඔස්සේ කරන ලද විමර්ශනයේදී රියැදුරුගේ පැමිණිල්ල අසත්‍ය වූවක් බවට පිළිගෙන ඇත.

පසුව කරන ලද විමර්ශනයේදී මේ රියැදුරුද අදාළ මංකොල්ලයට සම්බන්ධව සිටි අයකු බවට හෙළි වූ නිසා ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ නියෝගය මත වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බව පොලිසිය පවසයි.

මෙම සැකකරු හමුදා සේවයේ නියුතුව සිටි අයකු බවත් දිගන රජවැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක් පමණ වන පුද්ගලයකු බවත් පොලිසිය පවසයි.

සිද්ධිය පිළිබඳව තෙල්දෙණිය සහකාර පොලිස් අධිකාරි ක්‍රිෂාන්ත, පල්ලේකැලේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් ජයසේකර, මහනුවර දිසා භාර අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පො.ප. ධම්මික, උප.පො.ප. විජේකෝන් ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon