භූමිතෙල් ලීටරය රු. 70ට දීමට කැබිනට් අනුමැතිය

  👤  3326 readers have read this article !
By mawbima 2018-06-13

දෙනගම ධම්මික රණවීර

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 70 දක්වා අඩු කිරීමට ඊයේ (12දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය පළ කොට ඇත.

රුපියල් 45ට පැවැති භූමිතෙල් ලීටරයක මිල පසුගිය මැයි 12 වැනිදා සිට රුපියල් 101 දක්වා ඉහළ දමා තිබිණි. ඒ පිළිබඳව එල්ල වූ විරෝධතා සැලකිල්ලට ගෙන භූමිතෙල් මිල අඩු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවත් ඊයේ (12දා) මධ්‍යම රාත්‍රියේ සිට නව මිල ගැසට් කිරීමට තීරණය කළ බවත්, කැබිනට් අමාත්‍යවරයෙක් සඳහන් කළේය.
භූමිතෙල් මිල පැවැති මිලටම අඩු කරන ලෙස බොහෝ ප්‍රදේශවල ජනතාව පසුගිය දිනවල ආණ්ඩුවට බල කරමින් විරෝධතා හා උද්ඝෝෂණ පැවැත්වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon