පරිපාලන සේවා නිලධාරින්ගේ මල්ල කරේ

  👤  3362 readers have read this article !
By mawbima 2018-06-13

දෙනගම
ධම්මික රණවීර

රාජ්‍ය පරිපාලන සේවයේ නියුතු උසස් නිලධාරීන්ට රුපියල් 15,000 සිට රුපියල් 50,000 දක්වා විශේෂ මාසික දීමනාවක් ගෙවීමට යෝජනා වී තිබේ.

මේ යෝජනාව ගෙනැවිත් ඇත්තේ රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් මණ්ඩල පත්‍රිකාවකිනි.

එම පත්‍රිකාවේ සඳහන් අන්දමට මෙම විශේෂ දීමනාව ගෙවීම මේ මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

පරිපාලන සේවයේ නිලධාරීන්ට විශේෂ දීමනා ගෙවීම සම්බන්ධයෙන් කරුණු සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට ඊයේ (12දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත්කර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ඉදිරිපත් කොට තිබූ කැබිනට් පත්‍රිකාවක් පිළිබඳ ඇතිවූ සාකච්ඡාවකින් පසුව එම තීරණය ගෙන ඇත.

මේ යෝජනාව අනුව රාජ්‍ය පරිපාලනයට අදාළ විශේෂ ශේ‍ර්ණියේ නිලධාරියකුට මාසයකට රුපියල් 50,000ක් ද පළමු ශේ‍ර්ණියේ නිලධාරියකුට රුපියල් 45,000ක් ද, දෙවැනි ශේ‍ර්ණියේ නිලධාරියකුට රුපියල් 35,000ක් ද තුන් වැනි ශේ‍ර්ණියේ නිලධාරියකුට රුපියල් 30,000ක් සහ දෙවැනි හා තෙවැනි වසර සඳහා රුපියල් 15,000ක් ද වශයෙන් ගෙවීම් කිරීමට පියවර ගෙන ඇත. එවැනි නිලධාරීහු 2376 දෙනක් රාජ්‍ය පරිපාලනයේ නිරතව සිටිති.

මීට අමතරව මාස එකහමාරකට පෙර අමාත්‍යාංශ ලේකම්වරුන් සඳහා මාසයකට රුපියල් 50,000ක දීමනාවක් ගෙවීමට ද කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ.

ඒ එම මුදල් විශ්‍රාම වැටුපට එකතු වන පරිද්දෙනි.

නව දීමනා අනුව අධ්‍යාපන, ඉන්ජිනේරු ආදී සේවාවල ඉහළ තනතුරු දරන නිලධාරීන් 40,000කට අධික පිරිසකගේ දීමනා ද ඉහළ යන බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව එම කමිටු වාර්තාව ලබන අඟහරුවාදා (19දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එම කමිටුවට උපදෙස් දී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon