විසඳුම් අපිම සොයා ගන්නම්: යාපනය ජනතාව සේනාධිරාජාව එළවයි

  👤  3616 readers have read this article !
By mawbima 2018-06-13

මුලිතිව් - ශෂිකුමාර්

දෙමළ ජාතික සන්ධානයට අයත් ඉලංගෙයි තමිල් අරුසු පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජා මහතා පෙරේදා (11දා) යාපනයේ පැවැති විරෝධතාවකට සහභාගි වූ අවස්ථාවේදී එහි සිට විරෝධතාකරුවන්ගේ එල්ල වූ දැඩි විරෝධතාවක් හේතුවෙන් ඔහුට එම ස්ථානයෙන් පිටත්ව යෑමට සිදුවිය.

යාපනය මරදන්කේනි ප්‍රදේශයේ සිටින සංචාරක ධීවරයන් ඉවත් කරන ලෙසට ඊයේ යාපනයේ ධීවරයන් විසින් ක්‍රියාත්මක කරන ලද විරෝධතා පාගමනට මාවෙයි සේනාධිරාජා ඇතුළු පිරිසක් සහභාගි වූ අවස්ථාවේදී මේ විරෝධය ඇතිව තිබේ.

එහිදී විරෝධතාකරුවන් මාවෙයි සේනාධිරාජා මන්ත්‍රිවරයාට විරෝධය පාමින් පවසා ඇත්තේ, තම ධීවර ගැටලුවට විසඳුම් දීමට හැකි තාක් කාලය දෙමළ ජාතික සන්ධානයට ලබා දුන්නද විසඳුමකට පියවර නොගත්ත බවටත් දෙමළ ජාතික සන්ධානය රජය සමඟව සමීපව කටයුතු කරන අවස්ථාවක ධීවර ජනතාවගේ මෙවැනි ගැටලුවකට විසඳුම් ලබාදීමට ඉතා පහසු කාර්යයක් වුවද එම ගැටලුව පිළිබඳ අවධානයට නොගැනීම පිළිගත නොහැකි හෙයින් තම ධීවරයන් ආරම්භ කරන ලද විරා්ධයට විසඳුමක් සොයාගැනීම ධීවරයන් විසින්ම සිදු කරගන්නා බවත් එහෙයින් දේශපාලනය මැදිහත් වීමට අවශ්‍ය නැති බැවින් එම ස්ථානයෙන් පිටත්වන ලෙසට විරෝධය පළ කිරීමත් සමඟ මන්ත්‍රිවරයා එම ස්ථානයෙන් පිටත්ව ගියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon