ශිිවාජිලිංගම්ට සංහිඳියාව අරහං

  👤  3288 readers have read this article !
By mawbima 2018-06-13

මුලතිව් - ශෂිකුමාර්,
වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

කිලිනොච්චියේ සිවිල් ආරක්ෂක බළකා කඳවුරේ සිටි කර්නල්වරයා ඉදිරියේ හිටපු කොටි සාමාජිකයන් හඬා වැලපීම, ඊළම ඉල්ලූ කොටි සාමාජිකයන්ට සිදු කළ ද්‍රෝහිකමක් බව උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රි එම්.කේ. සිවාජිලිංගම් මහතා කියා සිටී.
මන්ත්‍රිවරයා මේ බව කීවේ යාපනය මාධ්‍ය සමාජයේ පෙරේදා (11දා) සවස පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වීමෙනි.

මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේ,

"තමන්ට අණ දුන් පාලකයකු වෙන් වන අවස්ථාවේදී අපේ ගම්වල මිනිස්සුන් හැසිරෙන ආකාරය මේ වගේ තමයි. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් හිටපු කොටි සාමාජිකයන් මේ විදියට හැසිරුණු එක වැරැදියි. මොකද අවුරුදු ගාණක් මේ රටේ දෙමළ ඊළම ඉල්ලා මියගිය කොටි සාමාජිකයන්ට සිදුකළ ද්‍රෝහිකමක් කියලයි මම හිතන්නේ."

ස්ථාන මාරුවීම ලබාගිය කර්නල්වරයා හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. එහෙත් ඒ කර්නල්වරයාට එලෙස සැලකීම තුළින් අනෙක් පැත්තෙන් උතුරේ යුද හමුදාව කඳවුරු තුළ තවදුරටත් රැඳී සිටිය යුතුයි කියන මතය මෙම සිද්ධි නිසා මිනිස්සුන්ගේ ඔළුවලට යනවා.

කිලිනොච්චිය සිවිල් ආරක්ෂක බළකා කඳවුරේ අණදෙන නිලධාරිවරයා වශයෙන් පුරා වසර පහමාරක් සේවයේ නිරත වූ යුදහමුදා ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්ධු නිලධාරිවරයා පසුගිය 10 වැනිදා සිවිල් ආරක්ෂක බළකා කඳවුරේ සිට අඹේපුස්ස සිංහ රෙජිමේන්තුව වෙතට ස්ථාන මාරුවක් ලබා යන අවස්ථාවේදී කිලිනොච්චිය සිවිල් ආරක්ෂක බළකා කඳවුරේ සිටි හිටපු කොටි සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල්වල ඥාතීන් හඬා වැලපුණු අවස්ථාව ඉතා සංවේදී විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon