අපේ ජනතාව ඡන්දය දෙන්නේ සිරිකොතෙන් කියන කෙනාටයි
උපතිස්ස පෙරේරා
වතුකරයේ ජනතාවට ලයින් පේළි වෙනුවට වෙනම ගෙවල්, ඉඩම්, සේවක අර්ථසාධක අරමුදල්, පාසල් ගුරු පත්වීම්, පළාත් පාලන නියෝජිත ධුර, පළාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුර ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂය බැවින් ලක්ෂ 15ක් වන වතුකරයේ ජනතාව එජාපය කෙරෙහි බලවත් විශ්වාසයක් තබා ඇතැයි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ් ප්‍රකාශ කරයි.
මෙම පසුබිම තුළ මෙරට ජනාධිපති, අගමැති ඇතුළු ආණ්ඩු පත්කිරීමේදී තීරණාත්මක සාධකය වූ වතුකරයේ ජනතාව සෑම විටම කටයුතු කරන්නේ සිරිකොත එජාප මූලස්ථානයෙන් ලැබෙන උපදෙස් මත බව සඳහන් කරන මන්ත්‍රිවරයා පොදු අපේක්ෂකයන් ලෙස සරත් ෆොන්සේකා මහතාත් මෛත්‍රිපාල සිරිසේන මහතාත් ඉදිරිපත් වූ අවස්ථා දෙකේදීම ඔවුහු සිය යුතුකම මනාව ඉටුකළ බව පෙන්වා දෙයි.
පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේදී ඊයේ (12දා) දහවල් පැවැති සත්‍යයේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් මෙම අදහස් පළ කළ මන්ත්‍රිවරයා වතුකරයේ ජනතාවගේ විසඳිය යුතු නිවාස, යටිතල පහසුකම් ඇතුළු ප්‍රශ්න ගණනාවක් ඇතත් යහපාලන රජයේ ගමන් මඟ වේගවත් නොවීම නිසා ඒවාට විසඳුම් ලැබීම ප්‍රමාද වෙමින් තිබෙන බවත් සඳහන් කළේය.
කෙසේ වුවද මෙතෙක් නොවිසඳුණු වතුකරයේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය හැක්කේ එක්සත් ජාතික පක්ෂයට බැවින් එම විශ්වාසය මත තමන් ඇතුළු වතුකරයේ ජනතා නියෝජිතයන් එක්සත් ජාතික පක්ෂය සමඟ අත්වැල් බැඳගෙන සිටින බවද ඔහු සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූ එජාප මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා,
පසුගිය පාලන සමයේ මාධ්‍ය නිදහස හා ප්‍රජාතන්ත්‍රාදය ක්‍රියාත්මක වූ ආකාරය ගැන කල්පනා කරන විට පැහැදිලි වන කරුණක් නම් මේ රටේ ජනතාවට පරිණත ප්රජාතන්ත්රවාදය පිළිබඳ දැනුමක් හෝ අවබෝධයක් නොමැති බව යැයි ප්‍රකාශ කළේය.
අද මාධ්‍යයට මේ රටේ ජනාධිපතිවරයා, අගමැතිවරයා, මැති ඇමැතිවරුන් ඇතුළු ඕනෑම අයකු විවේචනය කිරීමේ හැකියාව තිබුණද පසුගිය කාලයේ එවැනි විවේචන කළ විට අත්විඳීමට සිදු වූ විපාක අද මාධ්‍යයට මෙන්ම ජනතාවට අමතක වී ඇතැයිද හෙතෙම පැවැසුවේය.
'එදා තිබුණේ අතේ නීතිය. අද තියෙන්නේ පොතේ නීතිය. අද අධිකරණය ක්‍රියාමාර්ග ගැනීමේදී යම් ප්‍රමාදයන් සිදුවෙනවා. එක දවසක් නඩුව අහපුවාම ආයෙත් මාස 6කට කල්දානවා. ජනතාව එවිට කියන්නේ මේ ආණ්ඩුව ෆේල්. කිසි දෙයක් කරගන්න බැහැ. කොන්දක් නැහැ කියලයි. ඒකට තමයි අපි අලුතෙන් මහාධිකරණ විනිසුරුවරුන් බඳවාගෙන එක දිගට නඩු අහලා අවසන් කරන ක්‍රමයක් හඳුන්වා දෙන්නේ.
බය වෙන්න එපා. රටේ ඉන්න ලෝක හොරු ටික ඉක්මනින් ඇතුළට යනවා. අද හොරු වෙලා තියෙන්නේ ඇලෝසියස්ගෙන් සල්ලි ගත්ත අය. රටේ සල්ලි හොරා කෑ අය අද අමතක වෙලා. අද රටේ ජනතාව රවටලා ප්‍රධාන හොරු ටික හංගලා. ඒ අයට වැඩිකල් මෙහෙම බොරු කරන්න ලැබෙන්නේ නැහැ.
කිලිනොච්චියේ සේවය කර අඹේපුස්සට මාරු වී ආ කර්නල්වරයාට එල්ටීටීඊයට සම්බන්ධව සිටි පිරිස් ඇතුළු ජනතාව ගරුත්වය දැක්වූ අයුරු මාධ්‍ය පුරා දක්නට ලැබුණා. අපි නොසිතූ පැත්තකින් සංහිඳියාව තහවුරු වන ආකාරය එයින් පැහැදිලි වෙනවා. ඒකද හොඳ ගෝඨාභයගෙ මිලිටරිකරණයද කියලා අපි තීරණය කළ යුතුයි.
විනෝදාත්මක
අද මව්බිමෙන්
- මෙය මාගේ අවසන් කමිටු රැස්වීම විය හැකියි 🕔2018-06-13
- 48 දෙනකුගෙන් සමන්විත කමිටුවක් උතුරු නැඟෙනහිර සංවර්ධනයට 🕔2018-06-13
- අර්ජුන මහේන්ද්‍රන් ඉතා සංවිධානාත්මකව භාණ්ඩාගාරයට යා යුතු රාජ්‍ය මුදල් තම බෑනාගේ සමාගමට ඇදගැනීමට චේතනාන්විතවම ක්‍රියා කරලා 🕔2018-06-13
- ප්‍රසන්න රණතුංග මහතා කාර්යාලය තුළට පැමිණියා නම් ඒ සියල්ල රහසිගතව 🕔2018-06-13
- කටහඬ පිරික්සීම සඳහා විත්තිකරු ශානිල්ට රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින්නැයි නියෝග 🕔2018-06-13
- 25 ලේලියට ලිංගික අතවර කළේ යැයි රක්ෂිතයේ සිටි 57 හැවිරිදි මාමාට ඇප 🕔2018-06-13
- ගම්මැද්දේගොඩ පියසිරි හිමි ඝාතනය ගැන චෝදනා ලැබූ විත්තිකරුවන් නිෙදාස් කොට නිදහස් කරයි 🕔2018-06-13
- පුත්තලමේ පුංචි යුද්ධයක් 🕔2018-06-13
- වක්‍ර බදු අඩු කිරීම විශාල අභියෝගයක් 🕔2018-06-13
- පාතාල මර්දනය වේගවත් කරන්නැයි පොලිස් නිලධාරීන්ට උපදෙස් 🕔2018-06-13
- ඇමැති උපදෙස් මත ළමා ශ්‍රමිකයන් සොයා වැටලීම් 🕔2018-06-13
- ඊමේල් හරහා එන බැංකු ගිණුම් සම්බන්ධ පණිවුඩ ගැන පරිස්සමෙන් 🕔2018-06-13
- යාපනයේ යක්ෂ බියක් 🕔2018-06-13
- කිලිනොච්චියේ තරුණයාගේ මළ සිරුර ගෙන ඒමට තිස්දාහක් අරන් 🕔2018-06-13
- මැතිව්ස් හදිසියේම ගෙදර එයි ! 🕔2018-06-13
- පිරිමි යුගල ශූරතාව ශ්‍රී ලංකාවට 🕔2018-06-13
- පළාත් සංචිත අඩපණ වෙයි 🕔2018-06-13
- ප්රවීණයන්ගේ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී නව වාර්තා 48ක් 🕔2018-06-13
- සමස්ත ලංකා පාසල් මේස පන්දු තරගාවලියේ 14න් පහළ ‘ඩී’ කාණ්ඩයේ ශූරතාව ගල්කිස්සට 🕔2018-06-13
- 17 වැනි ජාතික කනිෂ්ඨ කැරම් තරගාවලියේදී වැඩි ගෞරව මහාමායා බාලිකාවන්ට 🕔2018-06-13
- ජනතාවට ද්‍රෝහී වන සියල්ලන්ට අපේ ආණ්ඩුවක් යටතේ දඬුවම් දෙනවා 🕔2018-06-13
- අපේ ජනතාව ඡන්දය දෙන්නේ සිරිකොතෙන් කියන කෙනාටයි 🕔2018-06-13
- ඒකාබද්ධ විපක්ෂය දෙකඩ කිරීමට රනිල්-මෛත්‍රි දවල් හීන දකිනවා 🕔2018-06-13
- රට උකස් කර ගිනි පොලියට ණය අරන් අගමැති රනිල් ලෝක වාර්තාවක් තියලා 🕔2018-06-13
- සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම අපේ ආර්ථිකයට අහිතකරයි 🕔2018-06-13
- අවුරුදු 67ක් තිස්සේ බැළමෙහෙවර කළ නිවෙසේ දර මඩුවට දමා අපා දුක් විඳිමින් සිටි 75 හැවිරිදි කත බේරාගෙන 🕔2018-06-13
- දස හැවිරිදි පුතු සමඟ අබලන් ගෙයක ජීවත් වන සමුද්‍රා උදවු පතයි 🕔2018-06-13
- මහජනයා නොසිතූ දුෂ්කරතාවන්ට ලක් කරන තැපැල් වර්ජනය 🕔2018-06-13
- මණ්ඩලේ 86 ට 🕔2018-06-13
- රටේ ප්‍රශ්න වෙනුවට තමන්ගේ ප්‍රශ්න විසඳගන්නවා 🕔2018-06-13
- හින්දු කටයුතුවලට මුස්ලිම් ඇමැති කෙනෙක්: ක්‍රිස්තියානි කටයුතුවලට බෞද්ධයෙක් 🕔2018-06-13
- ශිිවාජිලිංගම්ට සංහිඳියාව අරහං 🕔2018-06-13
- ස්වාමිනාදන්ගේ යෝජනාවෙන් කැබිනට් එක ඇවිලෙයි 🕔2018-06-13
- තැපැල් වර්ජනය දිඟටම 🕔2018-06-13
- විශේෂඥ වෛද්‍යවරු දැඩි තීන්දුවක 🕔2018-06-13
- විසඳුම් අපිම සොයා ගන්නම්: යාපනය ජනතාව සේනාධිරාජාව එළවයි 🕔2018-06-13
- පරිපාලන සේවා නිලධාරින්ගේ මල්ල කරේ 🕔2018-06-13
- උඩපළාත ප්‍රා.සභාවේ ගෝරියක් 🕔2018-06-13
- භූමිතෙල් ලීටරය රු. 70ට දීමට කැබිනට් අනුමැතිය 🕔2018-06-13
- ලක්ෂ 50 මංකොල්ලයේ සැකකරුවකු හා වාහනයක් අත්අඩංගුවට 🕔2018-06-13
- මූලික කරුණු 20ක් ගැන 16 කණ්ඩායම අද සාකච්ඡා 🕔2018-06-13
- සමෘද්ධිය ලබන පවුල් ලක්ෂ 14ට තවත් ලක්ෂ 11/2ක් එක්වෙයි 🕔2018-06-13
- ඔක්ටේන් 95 සහ සුපර් ඩීසල් වෙනුවට යුරෝ-4 🕔2018-06-13
- ජනපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වුණු රැයත් මට සාමාන්‍ය රාත්‍රියක්ම වුණා 🕔2018-06-13
- ලංවිම ඉන්ජිනේරු වැඩවැරුම අත්හිටුවයි 🕔2018-06-13
- සරත් කුමාර ගුණරත්න ඇතුළු විත්තිකරුවන් හය දෙනාට ඇප 🕔2018-06-13
- උල් ආයුධයකින් ඇන තුවාල කළ රූපවාහිනි නිවේදකයා රිමාන්ඩ් 🕔2018-06-13
- දකුණ බිලිගත් ඉන්ෆ්ලුවන්සා වයිරසය ගම්පහටත් ඇතුළු වෙයි 🕔2018-06-13
- අන්තරේ භික්ෂු බල මණ්ඩලය විරෝධතාවක 🕔2018-06-13
- ගුවන් සේවා සමාගමේ නව උප සභාපති කපිතාන් මිලින්ද රත්නායක 🕔2018-06-13
- හිටපු ජනපති ගුවනින් මත්තලට 🕔2018-06-13
- හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්නට එරෙහි සාක්කි අනාවරණය වුවහොත් අත්අඩංගුවට ගන්නවා 🕔2018-06-13
- ඛනිජ තෙල් සංස්ථාවෙන් දුම්රියට රුපියල් කෝටි තිස්දෙකක පොල්ලක් 🕔2018-06-13
- සාධාරණ මිලකට පොහොර අලෙවි කරන්න රජය පොරොන්දු වුණා 🕔2018-06-13
- කටාර් සිට ගෙනා 'ලක්ෂ දාහතේ ගමන් මල්ල' අත්අඩංගුවේ 🕔2018-06-13
- රාජගිරිය ගුවන් පාලමේ අනතුරුදායක තත්ත්වයක් නෑ 🕔2018-06-13
- දෙදෙනකු විශ්‍රාම වැටුප් ක්‍රමය හදාරන්න ඇමෙරිකාවට යවලා 🕔2018-06-13
- ඉන්ජිනේරු පාඨමාලා ආයතනය වසා දැමීමෙන් සිසුන් දහසක් අපහසුවේ 🕔2018-06-13
- සිංහරාජේ සිටින අලි දෙදෙනා ඉවත් කරන්නට සැරසෙනවා 🕔2018-06-13
- මැතිවරණයට ගත් මුදල් ගැන ගැටලු මතුවන්නේ ඇමැතිවරුන් ප්රචාරක වියදම් සීමා කිරීමේ පනත ලාච්චුවේ දාගෙන සිටියදීය 🕔2018-06-13
- හත් වැනි චූදිතයා සම්බන්ධයෙන් නඩුව තවදුරටත් පවත්වාගෙන යනවාද? නැද්ද? 🕔2018-06-13
- ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයත් නොදන්නා අලුත් ව්‍යවස්ථාවක් 🕔2018-06-13
- විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ගන්නා දේශපාලනඥයන් ජනතා අධිකරණයට රැගෙන යා යුතුයි 🕔2018-06-13
- අපි ආණ්ඩුවට අනතුරු අඟවනවා 🕔2018-06-13
- රාජපක්ෂ ආණ්ඩුව හා මුස්ලිම් ප්‍රජාව අතර භේද ඇති කළේ දෙස්-විදෙස් බලවේගයි 🕔2018-06-13