17 වැනි ජාතික කනිෂ්ඨ කැරම් තරගාවලියේදී වැඩි ගෞරව මහාමායා බාලිකාවන්ට

  👤  3550 readers have read this article !
By mawbima 2018-06-13

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය මඟින් මෙහෙයවනු ලැබූ 17 වැනි ජාතික කනිෂ්ඨ කැරම් ශූරතා තරගාවලියේ බාලිකා අංශයේ ශූරතා 5ක් දිනාගත් නුගේගොඩ මහාමායා බාලිකා විදුහල් ක්‍රීඩිකාවෝ එම තරගාවලියේ වැඩි ගෞරව අත්කර ගැනීමට සමත් වූහ.

කොහුවල කැරම් සම්මේලන මූලස්ථානයේ පැවැති මෙම තරගාවලිය බාලක කේවල, බාලිකා කේවල, බාලක යුගල සහ බාලිකා යුගල වශයෙන් වයස් කාණ්ඩ 5ක් යටතේ තරග ඉසව් 14කින් පැවැත්විණි. ඒ අනුව වයස අවුරුදු 13න්, 15න්, 17න් සහ 21න් බාලිකා කේවල ශූරතාවන් පිළිවෙළින් නුගේගොඩ මහාමායා බාලිකා විදුහල් ක්‍රීඩිකාවන් වන ලක්ෂිකා ආකර්ෂණී, යේෂානි කෞෂල්‍යා, ටස්මිලා කාවින්දි සහ තරුෂි හිමහංසිකා දිනා ගන්නා ලද අතර වයස අවුරුදු 19න් පහළ බාලිකා කේවල ශූරතාව පමණක් කොළඹ විශාකා බාලිකා විද්‍යාලයේ සුමල්යා විදානගම විසින් දිනාගන්නා ලදී.

මේ අතර බාලක කේවල හා යුගල තරගවලදී කොළඹ රාජකීය විද්‍යාලය බාලක ශූරතා දෙකක් සහ අනුශූරතා තුනක් දිනාගන්නා ලද අතර මොරටුව වේලස් කුමර විද්‍යාලය විසින් ශූරතා දෙකක් ද, කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය සහ නුගේගොඩ ශා. ජෝන් විද්‍යාලය ශුරතා එක බැගින් දිනා ගත්තේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon