පාතාල මර්දනය වේගවත් කරන්නැයි පොලිස් නිලධාරීන්ට උපදෙස්

  👤  3400 readers have read this article !
By mawbima 2018-06-13

චාමර අමරසූරිය

විදේශයන්හි සැඟව සිටින ප්‍රධාන පාතාල නායකයන්ගේ මෙරට සාමාජිකයන් මර්දනය කිරීමේ වැඩපිළිවෙළ වේගවත් කරන ලෙස නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් කැඳවා පෙරේදා (11දා) උපදෙස් දී තිබේ.

විවිධ අපරාධ සම්බන්ධයෙන් මෙරටට අවශ්‍ය කරන එහෙත් විදෙස් රටවල සැඟවී සිටින පාතාල නායකයන් පිළිබඳ ජනාධිපතිවරයාද මීට පෙර රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් විමසා තිබූ අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යවරයා මෙලෙස ඉහළ පොලිස් නිලධාරීන් පෙරේදා (11දා) රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයට කැඳවා ඇත.

එසේම දැනට ගෙන යන පාතාල මර්දන මෙහෙයුම් කිසි ලෙසකින්වත් ලිහිල් නොකරන ලෙසත්, මත්ද්‍රව්‍ය ජාවාරම අඩපණ කිරීම සඳහා මෙහෙයුම් තවදුරටත් සිදු කරන ලෙසත් මෙහිදී අමාත්‍යවරයා පොලිස් ප්‍රධානීන්ට උපදෙස් ලබාදී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon