වක්‍ර බදු අඩු කිරීම විශාල අභියෝගයක්

  👤  3277 readers have read this article !
By mawbima 2018-06-13

හර්ෂනී අර්සකුලරත්න

මෙරට ඍජු බදු ගොනු ලක්ෂ 15ක් වත් තිබිය යුතු වුවද දැනට පවතින්නේ ඍජු බදු ගොනු ලක්ෂ 4ක් පමණක් යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.

මෙරට ඒකපුද්ගල ආදායම අනුව ඍජු බදු ගොනු ප්‍රමාණය ලක්ෂ 4ක් පමණක් තිබීම පුදුමයක් බවත් බදු අය කිරීම, සරල බව, පැහැදිලි බව සහ ඒ පිළිබඳ ඇති විශ්වාසය මඳ බව නිසාම එසේ බදු ලිපි ගොනු අඩු වී ඇතැයිද ඔහු පැවැසීය.

ඍජු බදු වැඩි කොට වක්‍ර බදු අඩු කිරීම රටක් ලෙස අපට ඇති විශාල අභියෝගයක් බව පෙන්වා දෙන ඇමැතිවරයා සඳහන් කරන්නේ බදු පිළිබඳ දැනුවත් කිරීම ඉතාමත් වැදගත් වන බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon