ගම්මැද්දේගොඩ පියසිරි හිමි ඝාතනය ගැන චෝදනා ලැබූ විත්තිකරුවන් නි‍ෙදාස් කොට නිදහස් කරයි

  👤  3340 readers have read this article !
By mawbima 2018-06-13

අහංගම - එන්.ජී. ලියනගේ

යක්කලමුල්ල උඩුවිටියන සාදුජනාරාමාධිපති ගම්මැද්දේගොඩ පියසිරි හිමියන් ඝාතනය කිරීම සහ පින් කැටය කොල්ලකෑම යන චෝදනා සම්බන්ධයෙන් විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව පවරා තිබූ නඩුව විභාග කළ දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා පැමිණිල්ල සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්කි ඉදිරිපත් නොවීම නිසා විත්තිකරුවන් දෙදෙනා නි‍ෙදාස් කොට නිදහස් කළේය.

මෙසේ නි‍ෙදාස් කොට නිදහස් කරන ලද්දේ කොම්මයා හතුරු අනිල් කුමාර සහ රණේපුර හේවගේ ජනක කුමාර යන විත්තිකරුවන් දෙදෙනාය.

2009 මාර්තු මස 3 වැනි දින යක්කලමුල්ල උඩුවිටියනදී සාදුජනාරාමාධිපති ගම්මැද්දගොඩ පියසිරි හිමියන් (84) ඝාතනය කිරීම සහ එම ක්‍රියා කලාපයේදීම උන්වහන්සේ සන්තකයේ තිබූ පින් කැටය කොල්ලකෑම සම්බන්ධයෙන් විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ගාල්ල මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබිණි.

සිද්ධිය වූ දින උදේ භික්ෂුන් වහන්සේට දානය රැගෙන පැමිණි උපාසිකාවක් විහාරාධිපති හිමියන් පෙනීමට නොසිටි නිසා සොයා බලන විට සංඝාවාසයේ ඇඳ මත බෙල්ල කපා උන්වහන්සේ මරා දමා තිබෙනු දැක අසල්වාසීන්ට දන්වා ඇති බව පැමිණිල්ල කියා සිටියේය.

විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ රාජනී අබේවික්‍රම මහත්මිය සහ නීතිඥ ඉඳුනිල් හේවගේ මහතා පෙනී සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon