අපි ආණ්ඩුවට අනතුරු අඟවනවා

  👤  3427 readers have read this article !
By mawbima 2018-06-13

ලක්ෂ්මී ජයකොඩි

දෙමළ ජනතාවගේ ගැටලු විස¼දා ගැනීම වෙනුවෙන් වත්මන් ආණ්ඩුව සමඟ ඉවසීමෙන් කටයුතු කළත් එම ගැටලුවලට විසඳුම් නොලැබීම හමුවේ විසඳුම් වෙනුවෙන් අඛණ්ඩව අරගල කිරීම නැවතත් ආරම්භ කරන බව දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට අනතුරු අඟවා තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා පෙන්වා දෙයි.

දෙමළ ජාතික සන්ධානය ඉතා ඉවසීමෙන් කටයුතු කළ යුතු යැයි කිසිදු අවස්ථාවක ජාත්‍යන්තරය අපේක්ෂා නොකළ බවත් සන්ධානය සිය විරෝධතාවන් දැඩිව දැක්විය යුතුය යන්න ජාත්‍යන්තරයේ අපේක්ෂාව වූ බවත් තමා ජාත්‍යන්තර ප්‍රජාව හා සමීප සබඳතා පවත්වන බැවින් ඔවුන්ගේ හදගැස්ම ඉතා හොඳින් හඳුනන බවද මන්ත්‍රිවරයා සඳහන් කෙළේය.

මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ පසුගියදා ඔහුගේ යාපනය නිවෙසේදී පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී වැඩිදුරටත් මෙසේද පැවැසීය.

දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබාදිය යුතුව තිබුණු බැවින් විවිධ විවේචන හමුවේ දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට සහයෝගය ලබා දුන්නා. දෙමළ ජනතාවගේ ගැටලුවලට තිරසර විසඳුම් ලබාදෙන තෙක් අඛණ්ඩ අරගලයක් සංවිධානය කළ මොහොතක එනම් 2014 අවසාන භාගයේදී මෙලෙස ආණ්ඩු වෙනස සිදු වුණා. ඒ වගේම දෙමළ ජාතික සන්ධානය සිය ජනතාවගේ ගැටලු විස¼දා ගැනීම වෙනුවෙන් ඉතා ඉවසීමෙන් පසුගිය වසර තුනක කාලයක් පුරාවට ආණ්ඩුවට සහයෝගය ලබා දුන්නා.

ජාත්‍යන්තරයේ අපේක්ෂාව වුණේ සන්ධානයේ සහයෝගයද ඇතිව ආණ්ඩුව දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දෙනු ඇති බව වුවත් තවදුරටත් එවැනි සහයෝගයක් ලබාදීම කිසිසේත් කවරකුත් අපේක්ෂා නොකරනු ඇත.

එමෙන්ම උතුරේ සිදු වූ නීති විරෝධී ධීවර කටයුතු වහා නතර කරන්නැයි රජයට බල කරමින් විරෝධතාවක් ආරම්භ කළා. එය අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon