සෝභිත හිමි ගමට ඉන්දියාවෙන් ගෙවල් 153ක් මුල්ගල තැබීම අද

  👤  3637 readers have read this article !
By mawbima 2018-05-27

උපතිස්ස පෙරේරා

අපවත් වී වදාළ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ ශ්‍රී සෝභිත හිමි නමින් ගොඩනඟන ලද අනුරාධපුර මහවිලච්චිය දුනුමඬලාව 'මාදුළුවාවේ ශ්‍රී සෝභිතගම' ගම්මානයේ ජනතාව වෙනුවෙන් කථානායකවරයාගේ ඉල්ලීම මත ඉන්දියානු රජයෙන් ලැබුණු රුපියල් මිලියන 300ක මූල්‍යාධාරයෙන් ඉදිවන නව නිවාස 153කට මුල්ගල් තැබීම අද (27දා) පස්වරු 2.30ට ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

කථානායක කරු ජයසූරිය, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක, සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය පී. හැරිසන්, සමාජ සුබසාධන සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ, ළමා හා කාන්තා කටයුතු ඇමැතිනි චන්ද්‍රානි බණ්ඩාර, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කරන්ජින් සිං යන සම්භාවනීය අමුත්තෝ මෙම අවස්ථාවට සහභාගි වෙති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon