මත්ද්‍රව්‍ය පිටුදැකීමේ දිනය දා දිවයින පුරා වැඩසටහන් රැසක්

  👤  4032 readers have read this article !
By mawbima 2018-05-25

නුවන් හෙට්ටිආරච්චි

මත්ද්‍රව්‍ය දුර්භාවිතය හා නීති විරෝධී ප්‍රවාහන පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය වන ජුනි 26 වැනි දිනට සමගාමීව අන්තරායකර ඔෟෂධ පාලක ජාතික මණ්ඩලය මඟින් දිවයින පුරා වැඩසටහන් රැසක් පැවැත්වීමට නියමිත බව එම මණ්ඩලයේ සභාපති මහාචාර්ය සමන් අබේසිංහ මහතා පැවැසීය.

මේ බව ඒ මහතා අන්තරායකර ඔෟෂධ පාලක ජාතික මණ්ඩලයේ ශ්‍රවණාගාරයේ ඊයේ (24දා) පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර, පුනුරුත්ථාපන කටයුතු හා මත්ද්‍රව්‍ය භාවිතය පාලනය කිරීමට ජාතික ප්‍රතිපත්ති සැකසීම එම මණ්ඩලයේ කාර්යභාරය බව පෙන්වා දුන් අබේසිංහ මහතා සඳහන් කළේ මත්ද්‍රව්‍ය විරෝධී පා ගමන්, පෝස්ටර් ව්‍යාපාර, බැනර් ප්‍රදර්ශනය සහ ප්‍රධාන නගර ආශ්‍රිතව ජංගම සේවා ක්‍රියාත්මක කිරීම ලෝක මත්ද්‍රව්‍ය දිනයට සමගාමීව සිදු කරන වැඩසටහන් ක්‍රියාත්මක වේ.

පාසල්, දහම් පාසල්, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන, රාජ්‍ය නිලධාරීන් සහ තරුණ කණ්ඩායම් ඉලක්ක කරගෙන එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය, ජනාධිපති කාර්ය සාධක බළකාය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනද පූර්ණ මැදිහත් වීමක් දරන බවද අන්තරායකර ඔෟෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon