ගොවිජන රක්ෂණ මණ්ඩලය තුළ සිදුව ඇති බව කියන අක්‍රමිකතා පිළිබඳ නිර්නාමික පැමිණිල්ල ගැන විමර්ශනයක් කරන්න නුගේගොඩ මහෙස්ත්‍රාත්ගෙන් ජ්ඛ්ධ්ච් යට නියෝග

  👤  3761 readers have read this article !
By mawbima 2018-05-25

කුමුදු උපුල් ශාන්ත

කෘෂි කාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය තුළ දූෂණ වංචා හා අක්‍රමිකතා රැසක් සිදුව ඇති බව පවසමින් යොමු කර තිබෙන නිර්නාමික ලිඛිත පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් වයි.ආර්.බී. නෙළුම්දෙණිය මහතා මූල්‍ය අපරාධ විමර්ශන (ජ්ඛ්ධ්ච්) කොට්ඨාසයට නියෝග කළේය.

ඉහත ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සිදුව ඇති බව කියන වංචා දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බලන ලෙස දන්වන ලද නිර්නාමික ලිඛිත පැමිණිල්ලක් තම අපරාධ කොට්ඨාසය වෙත ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කිරීමට දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (ජ්ඛ්ධ්ච්) කළ ඉල්ලීමකට අනුව අධිකරණයෙන් එසේ නියෝග කෙරුණි.

ගොවිජන රක්ෂණ මණ්ඩලය සුරැකීමේ සංවිධානයේ ලේකම් නමින් සඳහන් එම නිර්නාමික ලිඛිත පැමිණිල්ල බරපතළ වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත මුලින්ම ලැබී ඇති බවත් පසුව එම කොමිෂන් සභාව මඟින් එම පැමිණිල්ල ඉහත කී මූල්‍ය අපරාධ කොට්ඨාසයට යොමුකර ඇති බවත් අනාවරණය කෙරිණි.

2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සඳහා එම ආයතනයේ සේවකයන් යොදවා ඔවුන්ට වැටුප් හා අතිකාල දීමනා ලබාදීම ඇතුළු එම ආයතනයේ සිදුව ඇති බව කියන වංචා දූෂණ හා අක්‍රමිකතා දහයකට ආසන්න සංඛ්‍යාවක් එම නිර්නාමික පැමිණිල්ල මඟින් හෙළි කර ඇති බවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණය වෙත ගොනු කර තිබෙන 'බී' වාර්තාවේ සඳහන්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon