මීගමුවේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි පිලිපීන කාන්තාවක් මියගිහින්

  👤  4077 readers have read this article !
By mawbima 2018-05-25

මීගමුව - නිමන්ති ප්‍රනාන්දු

මීගමුව කුඩාපාඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි පිලිපීන ජාතික කාන්තාවක් පෙරේදා (23දා) රාත්‍රි හදිසියේ මිය ගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ ලුස්මි විලුස් ලිවින්ද්‍රා (55) නමැති පිලිපීන ජාතික කාන්තාවකි.

ඇය දැනට මාසයකට පමණ පෙර සංචාරක වීසා ලබාගෙන තනිව මෙරටට පැමිණ කුඩාපාඩුව සංචාරක හෝටලයක ලැගුම්ගෙන සිට ඇත. පෙරේදා රාත්‍රි ආහාරද ගෙන නින්දට ගොස් තිබේ. පසුව හෝටල් කාර්ය මණ්ඩලය මඟින් හදිසියේ ඇය රෝගාතුර වූ බව කියමින් මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ. රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බව පැවසේ.

ඇයගේ ඥාතීන්ට මීගමුව පොලිසිය විසින් සිද්ධිය දැනුම් දී ඇති අතර ඔවුන් පැමිණි පසු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය. මෘත ශරීරය මීගමුව රෝහලේ තැන්පත් කර ඇති අතර මීගමුව පොලිසියේ සැරයන් ජී. එම්. දයානන්ද (58537) මහතා මරණ පරීක්ෂණයේ සාක්ෂි මෙහෙයවීය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon