ලක්ෂ 33ක රන් බිස්කට් ගුද මාර්ගයේ රඳවා ගෙන ආ ඉන්දීය ජාතිකයා රේගු දැලේ

  👤  3785 readers have read this article !
By mawbima 2018-05-25

කටුනායක - ගයා තිරිමාදුර

ගුද මාර්ගයේ සඟවා ගෙන රත්රන් බිස්කට් තොගයක් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියකු ඊයේ (24දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි 44 හැවිරිදි මේ ඉන්දීය ජාතිකයා 'හරිත මාවත' ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට යෑම සඳහා ගුවන් තොටුපොළ පර්යන්ත ගොඩනැඟිල්ලේ රැඳී සිටියදී ඔහු පිළිබඳව රේගු නිලධාරීන්ට ඇති වූ සැකය මත අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී රන් බිස්කට් තොගය රේගු භාරයට ගෙන ඇත.

රුපියල් ලක්ෂ 33ක් වටිනා රන් බිස්කට් 5ක් තිබූ අතර ඒවායේ මුළු බර ග්‍රෑම් 500ක් පමණ වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
සහකාර රේගු අධිකාරිවරුන් වන නුවන් අබේනායක සහ ශ්‍රී ලාල් විජේවර්ධන යන මහත්වරුන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබිණි.

කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්. ජාබීර් මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඩී.එම්. ආර්. සාගර මහතා මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීය.

නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ආර්. රුෂාන්දන් මහතා මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණය පවත්වයි. එහිදී මෙම රන් බිස්කට් තොගය රාජසන්තක කර මෙම ඉන්දීය ජාතිකයාට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙසද නියම කර තිබේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon