මේ ආණ්ඩුව බලයට එනවිට ලංකාව ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන රටක්

  👤  3835 readers have read this article !
By mawbima 2018-05-25

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2018-05-20 දාතමින් නිකුත් කරන ලද නිවේදනයට පිළිතුරු වශයෙන් එම නිවේදනයේ ඇති සාවද්‍යතාවන් පෙන්වා දමින් සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරුවන් වන ප්‍රේම්නාත් සී. ‍ෙදාලවත්ත, නලින් සමරකෝන් සහ දිනේෂ් ජයවීර යන නීතිඥවරුන් මංගල සමරවීර අමාත්‍යවරයා වෙත පිළිතුරු ලිපියක් යවා තිබේ.

ඒ අනුව රාගම පුනරුත්ථාපන රෝහලේ සේවකයකු වූ සුගී පෙරේරා නමැති අය 1990-03-23 වැනි දින පස්වරු 7.30ට පමණ සුදු වෑන් රථයකින් පැහැරගෙන යෑම, විජේදාස ලියනාරච්චි, සරත් රත්නායක, චරිත ලංකාපුර, කාංචන අබේපාල, වනපාල රණතුංග, සරත් කරලියැද්ද යන නීතිඥවරුන් එක්සත් ජාතික පක්ෂ මර්දන යාන්ත්‍රණයට ලක්වූ ආකාරය පෙන්වා දෙන සත්‍ය ගවේෂකයෝ සංවිධානය සුදු වෑන් සංස්කෘතිය හඳුන්වා දෙන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවට ඇමැතිවරයා කරන ප්‍රකාශය බටලන්ද කොමිෂන් වාර්තාවේ ඇතැම් කොටස් උපුටා දක්වමින් බැහැර කරයි.

ඇමැතිවරයාගේ නිවේදනයේ ආර්ථික කරුණු පිළිබඳ සාවද්‍ය කරුණු ගණනාවක් සඳහන්ව ඇතැයි පෙන්වා දෙන එම සංවිධානය 2009 සිට 2014 දක්වා වසර 6ක කාලය තුළ රටේ සමස්ත ණය බර ඉහළ ගියේ රුපියල් බිලියන 3230කින් බවත්, නමුත් වත්මන් යහපාලන ආණ්ඩුවේ පළමු වසර 3 තුළ පමණක් ණය බර රුපියල් බිලියන 2,922කින් ඉහළ ගොස් ඇති බවත් සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩු සමයේ ලබාගත් ණයට සාපේක්ෂව නොරොච්චෝලේ තාප බලාගාරය, කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වූ බව සඳහන් කරන එම සංවිධානය යහපාලන ආණ්ඩුවේ තෙවසර තුළ පෙර වසර 6ක කාලය තුළ ලබාගත් ණය මෙන් සියයට 90ක ණය මුදලේ වර්ධනයක් දක්නට ඇතිමුත් කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක අනන්‍ය අයිතිවාසිකම් ඉදිරිපත් කිරීමට අපොහොසත්ව ඇති බවත් පවසයි.

ලක්ෂ 10කට රැකියා ලබාදෙන බවට වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුව මේ වන විට කඩවුණු පොරොන්දුවක් බවට පත්ව ඇති බවත්, වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව තවත් සිහිනයක් බවත් 2014දී රුපියල් 130ක් ඩොලරයේ අගය මේ වන විට රුපියල් 159 දක්වා ඉහළ ගොස් රුපියල සියයට 19කින් අවප්‍රමාණය වී ඇතැයිද, රුපියල බාල්දු වීමෙන් පසුගිය තෙවසර තුළ රාජ්‍ය ණය බර රුපියල් බිලියන 697කින් වැඩිවී ඇතැයිද එම ලිපියේ සඳහන් කර තිබේ.

වත්මන් යහපාලන ආණ්ඩු බලයට එන විට ලංකාව සිටියේ ආසියාවේ වේගයෙන් සංවර්ධන වන රටවල් කිහිපය අතර බවත්, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අවසාන වසර තුළ රටේ දළ සංවර්ධන වේගය සියයට 7කට ආසන්නව තිබුණද 2015 සිට එය පහළ යෑමට පටන්ගෙන 2015දී සියයට 5 දක්වාද, 2016දී එය සියයට 4.5 දක්වාද 2017 වසරේ සියයට 3.1 දක්වාද පසුබැස වසර 16කට පසු අත්කරගත් අඩුම වර්ධන වේගය බවට පත්ව ඇතැයිද යුද්ධය දරුණුවට පැමිණි අවධියේදී හෝ මෙතරම් පසුබෑමක් සිදු නොවූ බවද ඔවුහු සිය ලිපියෙන් පෙන්වා දෙති.

උපතිස්ස පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon