ශ්‍රී ලංකා මිනුම් සභාවට සබරගමු විශ්වවිද්‍යාලයෙන් කෙනකු පත්කරන්න මහා ශිෂ්‍ය සංගමය විරෝධය පළ කරයි

  👤  3825 readers have read this article !
By mawbima 2018-05-25

සවනි ශේශාධි
ඡායා - අශාන් ගමගේ

දකුණු ආසියාවේ එකම භූ විඥාපන පීඨය ලෙස සැලැකෙන සබරගමුව විශ්වවිද්‍යාලයේ භූ විඥාපන පීඨයේ නියෝජිතයෙක් ශ්‍රී ලංකා මිනුම් සභාවට ඇතුළත් කරගන්නැයි බලකරමින් පෙරේදා (23දා) සබරගමුව විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවක නිරත විය.
මෙතෙක් කලක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නියෝජනය කරමින් සබරගමුව භූ විඥාපන පීඨයේ පීඨාධිපතිවරයාට මැනුම් සභාවේ අසුනක් හිමි වුවද මෙවර එය වෙනස් කරමින් එම අවස්ථාව මොරටුව විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ පීඨාධිපතිවරයාට දී තිබේ.

ඊයේ (23දා) දහවල් කාලයේදී කොළඹට ඇදහැලුණු වර්ෂාවද නොතකමින් සිසුන් විරෝධතාවයේ නිරත විය. විරෝධතා පාගමන සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් ආරම්භ කෙරුණු අතර වෝඩ් පෙදෙස තාවකාලිකව වසා දමා තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon