නිවෙස බලා යමින් සිටි පාසල් සිසුවිය වතුර පිරුණු ඇළට වැටී මරුට

  👤  3969 readers have read this article !
By mawbima 2018-05-25

හාවාඑළිය - චන්ද්‍රසිරි මහගම, රාගල - තිලක් ද සිල්වා

පාසල ඇරී ඇළ ඉවුර දිගේ නිවෙස බලා යමින් සිටි 9 හැවිරිදි පාසල් දැරියක් වැසි ජලය පිරුණු ඇළකට වැටී ගසාගෙන යමින් සිටියදී ගොඩගෙන නුවරඑළිය මහ රෝහලට රැගෙන ගිය පසු මියගොස් ඇත.

රාගල, සමඟිපුර ප්‍රදේශයේදී ඊයේ (24දා) දින මේ අනතුර සිදුව තිබිණි. එදින මෙම ප්‍රදේශයට අධික වර්ෂාවක් පැවැතීම හේතුවෙන් වෙනදා සුපුරුදු කුඩා ඇළ පාර විශාල වතුර පාරක් බවට පත්ව තිබීමෙන් මේ අනතුර සිදුව තිබිණි. මෙසේ මියගොස් ඇත්තේ උඩුපුස්සැල්ලාව ටිස්ලින්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ශිවකුමාර සෝභනා නමැති දැරියකි. සිරුර නුවරඑළිය මහ රෝහලේ මෘත ශරීරාගාරයේදී පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක්කිරීමට නියමිත අතර රාගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon