තඹුත්තේගම සතිපොළ භූමියේ වැසිකිළි වළක කුණු වූ මළ සිරුරක්

  👤  3910 readers have read this article !
By mawbima 2018-05-25

තලාව - එල්. අනුර

තඹුත්තේගම පොලිස් බලප්‍රදේශයේ තඹුත්තේගම නගරයට ආසන්න අලුතින් ඉදිකර ඇති සතිපොළ භූමියේ දේශන ශාලාව පසුපස වසා දමා තිබූ වැසිකිළි වළක් තුළින් කුණු වූ මළ සිරුරක් හමු වී ඇත. ඊයේ උදෑසන සිට තලාව ප්‍රාදේශීය සභාවේ සේවකයන් පිරිසක් දේශන ශාලාව පරිශ්‍රයේ කැලෑව එළිපෙහෙළි කරමින් සිටියදී සවස් කාලයේ දැනුණු අධික දුර්ගන්ධය පිළිබඳ විපරම් කර බැලීමේදී අසල වැසිකිළි වළේ උඩ ලෑල්ල ඉවත් කර බලන විට නරක් වූ මළ සිරුර හමු වී ඇත. සිද්ධිය සැල වූ වහාම තඹුත්තේගම පොලිසිය එම ස්ථානයට පැමිණ මළ සිරුර සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon